අකුරැස්සේ දී පොලීසියේ 2කට වෙඩි තිබ්බාට 6ක් සැකපිට | දිනමිණ

අකුරැස්සේ දී පොලීසියේ 2කට වෙඩි තිබ්බාට 6ක් සැකපිට

ටී-56 2ක් යතුරුපැදියක් සොයා ගනී

අකුරැස්ස ප්‍රදේශයේ දී මිට දින කිහිපයකට පෙර පොලීසියේ දෙදෙනකුට වෙඩි තැබිමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට හයදෙනකු අත්අඩංගුවට ගත් පොලීසිය එම සැකකරුවන් සතුව තිබූ ටි-56 ගිනි අවි දෙකක් සමඟ සැකකරුවන් පැමිණි යතුරු පැදිය ද අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම මෙහෙය වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම පිණිස පසුගිය දින කිහිපයේ දකුණු ප්‍ර දේශයේ ක්ෂණික මාර්ග බාධක යෙදූ බවයි. එසේම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු ද අවලංගු කර මෙම මෙහෙයුම දියත් කළ බවයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් සැකකරුවන් සමඟ අපරාධකරුවන්ගේ සියලු තොරතුරු හෙළි කර ගැනීමට හැකි වූ බවත්ය.

සැකකරුවන් සතුව තිබී සොයා ගත් ටි- 56 ගිනි අවි දෙක මිට මාස කිහිපයකට පෙර කෙසෙල්වත්ත පොලීසියෙන් සොරකම් කළ ගිනි අවි දෙක බව අනාවරණය වී ඇති බවයි. එම අවි දෙක සොරකම් කර ඇත්තේ පානදුර පදිංචි යුද හමුදා සෙබළකු බවත්, ඔහුද පොලීසිය මගින් පෙරේදා රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවද කීය.

පොලිස් අධිකාරිවරුන් සහ සහකාර පොලිස් අධිකාරිවරුන් ඇතුළු පොලීසියේ පිරිස් අතරින් කණ්ඩායම් හතරක් යොදා මෙම මෙහෙයුම දියත් කර ඇති අතර, මෙම කල්ලිය පාතාලයට සම්බන්ධතාවක් ඇති විවිධ ප්‍රදේශවල බුරුපොල ඇතුළු විවිධ ස්ථානවලට පැන කොල්ල කන කල්ලියක් බවටත් හඳනාගෙන ඇති බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය. මෙසේ සොයා ගන්නා කෙසෙල්වත්ත පොලීසියෙන් සොරකම් කළ ගිනි අවි දෙක එම සැකකරු සොරකම් කර ඇත්තේ එම පොලීසියේ ජීප් රථයක් නවතා තිබු අවස්ථාවේය. පොලීස් නිලධාරීන්ගේ ඇසට හොරා ගිනි අවි රැගෙන කානුවකට දමා පසුව මාතර ප්‍ර දේශයට ගෙන ගොස් විකුණා ඇති බවද හෙළි වී තිබේ.

විජයානි එදිරිසිංහ, ගයාන් කුමාර 
වීරසිංහ සහ අකුරැස්ස මධ්‍යම විශේෂ

නව අදහස දක්වන්න