සෙලාන් බැංකුව ‘කන්ස්ට්‍රක්ට් 2019’ ප්‍රදර්ශනයේ නිල බැංකු සහකරු | දිනමිණ

සෙලාන් බැංකුව ‘කන්ස්ට්‍රක්ට් 2019’ ප්‍රදර්ශනයේ නිල බැංකු සහකරු

සෙලාන් බැංකුව මෙවරත් ‘කන්ස්ට්‍රක්ට් 2019’ ප්‍රදර්ශනයේ නිල බැංකු සහකරු ලෙස සිය දායකත්වය ලබා දීමට සමත්ව ඇත. වාර්ෂිකව පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබන්නේ ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය මගිනි. අඛණ්ඩව 19 වරටත් පැවැත්වුණු මෙම ප්‍රදර්ශනය අගෝස්තු 23 සිට 25 දක්වා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන ශාලාවේදී පැවැත්විණි.

ඉදිකිරීම් ද්‍රව්‍ය සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයට අයත් අනෙකුත් කර්මාන්ත කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමුකරන මෙම ප්‍රදර්ශනය, දකුණු ආසියානු කලාපයේ ඉදිකිරීම් කර්මාන්තය සම්බන්ධ විශාලතම ප්‍රදර්ශනය ලෙස සැලකේ. ක්ෂේත්‍රයේ කැපීපෙනෙන පුද්ගලයන්, සමාගම් හා ආයතන රාශියක් මෙම ප්‍රදර්ශනයට සහභාගී වන නිසා මෙය ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රදර්ශනයක් බවට පත්වී ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පාරිභෝගික බැංකුකරණ) ටිලාන් විජයසේකර මහතා මෙසේ පැවසී ය. “අඛණ්ඩව 4 වන වරටත් මෙම ප්‍රදර්ශනයේ නිල බැංකු සහකරු බවට පත්වීමට ලැබීම අපට විශාල සතුටක්. එදා පටන්ම, මෙම ප්‍රදර්ශනය වසරින් වසර වැඩි වැඩියෙන් සාර්ථක ප්‍රදර්ශනයක් බවට පත්වනු අප හොඳින් දුටුවා. යනුවෙන්ද

ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා අදහස් දක්වමින් මෙම ප්‍රදර්ශනය මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වඩාත්ම ඵලදායී ප්‍රදර්ශනයක් බවට මේ වනවිට පත්වී තිබෙනවා. වසර 19 ක සාර්ථකත්වය සමගින් මෙහි ඉදිරි ගමනේදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ බැංකුවක් වන සෙලාන් බැංකුව සමග එක්ව පෙරට යාමට හැකිවීම අපට සතුටක්. යනුවෙන් පැවසීය.

නව අදහස දක්වන්න