බුරුස් ගලේ ලිස්සන්නට සිංහරාජෙ ඇවිදින්නට..දෙණියායට ඇවිත් යන්න | දිනමිණ

බුරුස් ගලේ ලිස්සන්නට සිංහරාජෙ ඇවිදින්නට..දෙණියායට ඇවිත් යන්න

පුංචි නුවරඑළිය නමින් බොහෝ පිරිස් හඳුන්වන ජෛව විවිධත්ව ලක්ෂණ සහ සුන්දරත්වය නිසා දෙස් විදෙස් සංචාරකයින් අතර අතිශයින් ජනප්‍රියවී ඇති දෙනියාය ප්‍රදේශය ආශ්‍රිතව නැරඹීමට විශේෂිතවූ ස්ථාන කිහිපයක්ම ඇත. එක් දිනකින් සංචාරයට තිත තබන්නට නොහැකි වන්නේ ගමන කටුක වුවත් සිත් ඇඳගන්නා සුළු ස්ථානයන්ගෙන් පිරී ඇති නිසා බව අමුතුවෙන් කිවයුතු නොවේ.

සිත් ඇදගන්නා සුළු මෙකී ස්ථාන නැරඹීමට යන දෙස් විදෙස් සංචාරකයින්ට ආරක්ෂිතවූත් විශාල පිරිසකට එකම ස්ථානයක ලැගුම් ගැනීමට හැකිවූත් සුවපහසුව නිස්කලංකව රැඳෙන්නට හැකි නිවාඩු නිකේතනයක් ගැනයි අපි කථා කරන්නේ. ඒ අන් කවුරුවත් නොව පරිසරයට මහත් සේ ඇළුම් කරන පරිසර හිතකාමී හැරිසන් ප්‍රනාන්දුය. ඔහුට අයත්වූ වයිට් හවුස් නම්වූ සංචාරක නිකේතනය දෙනියාය විහාරහේන පාරේ මනරම් වටපිටාවකින් යුතු ස්ථානයක ස්ථාපිතව ඇත.

දෙනියායේ නැරඹීය යුතුවූ සියළුම ස්ථානයන් වෙත ඉතාම කෙටි දුරකින් සහ කෙටි වේලාවකින් යාමට ඊමට හැකි සියළු පහසුකම් වලින් යුක්තවූ ස්ථානයක ලැගුම් ගැනීමේ අවශ්‍යතාවය මතුවන්නේ ඉර උදාවත් සමඟය. ඒ අන් කිසිවක් නිසා නොව ඉර උදාවන්නට පෙර තම සංචාරය ආරම්භ කිරීමටත් ඉර බැසගෙන යනවිට රෑ බෝවීමට ප්‍රථම කල්වේලා ඇතිව කෙටි වේලාවකින් තම ලැගුම්හළ වෙත පැමිණීමේ අවශ්‍යතාවයත් සංචාරකයින්ගේ මූලික බලාපොරොත්තුව වන බැවිනි.

වයිට් හවුස් හී අධිපති හැරිසන් මහතා හා දොඩමළුවීමට අපට අහඹු ලෙස අවස්ථාව උදාවිය. ගොන්ගල කඳුයායෙන් තමයි නිල්වලා ගඟයි ගිං ගඟයි පටන් ගන්නේ නිල්වලා ගඟ කි.මී. 81 ගලා බසිනවා. ගිං ගඟ කි.මී.113 ක් ගලා ගෙන යනවා. අපේ නවාතැනේ ඉඳල ඉතාම කෙටි දුරක් තියෙන්නේ. ෆැට්නා බුරුස් ගල තියෙන්නෙත් ඉතාම ළඟින්. සිංහරාජ ස්වභාවික වනාන්තරය නැරඹීමට ඇතුල් වෙන්න අළුතින් පිවිසුම් මාර්ගයක් තියෙනවා.

විහාරහේන සමන්ගල පිවිසුම කියල ඒක අපේ හරිත මිතුරෝ සංවිධානයෙන් තමයි මෑතකදී ආරම්භ කළේ. අපේ නිකේතනයට අතේ දුරින් තමයි ඒ පිවිසුම තියෙන්නේ. කුරළුගල ගල් පර්වතය ෆැට්නා සංචාරක කලාපය , වනාන්තරය ඇතුලේ තියෙනවා අනුහස් තියෙන බවට විශ්වාස කෙරෙන බෞද්ධ මධ්‍යස්ථානයක්. Blue Magpie සිංහරාජ වැසි වනාන්තරයට ආවේණික කුරුල්ලන් නැරඹීමටත් පුළුවන්. අපේ නිවාඩු නිකේතනයේ නවාතැන් ගන්නා අයට අපි සියළු පහසුකම් ලබාදෙනවා. එක් දිනක් සංචාරය කළාම දැඩි වෙහෙස මහන්සියක් ඇති වෙන නිසා හොඳින් විවේකයක් ලබාගන්න අපි පහසුකම් සලසා තියෙනවා.

හත්මාලේ ඇල්ල විශේෂ ස්ථානයක්. මෙම ඇල්ලේ ජලය උඩ ඉඳන් තට්ටු හතක් තියෙනවා. තට්ටුවෙන් තට්ටුව තට්ටු හතකින් තමයි ජලය වැටෙන්නේ.

සිංහරාජ වනාන්තරයට පිවිසීමේ සියළු පහසුකම් සහිතව සමන්ගල 04 වෙනි නව පිවිසුම් මාර්ගය නොබෝදා විවෘත කෙරින. විහාරහේන හරිත මිතුරෝ සංවිධානයේ බලවත් පරිශ්‍රමයෙන් මෙම නව පිවිසුම් මාර්ගය ස්ථාපිත කිරීමට හැකිවූ බව විහාරහේන ප්‍රජා සංචාරක ගම්මාන ව්‍යාපෘතියේ සභාපති තිලාන් පෙරේරා මහතා දිනමිණට කීය. ඔහුව ඇමතිය හැකි ඔහුගේ දුරකථන අංකය - 071 - 4601104.

සටහන හා ඡායාරූප -විජිත සල්ගාදු - අකුරැස්ස මධ්‍යම විශේෂ

නව අදහස දක්වන්න