වන්නියේ දුප්පත් පවුලක නිවෙසක සිහිනය සැබෑ වෙයි | දිනමිණ

වන්නියේ දුප්පත් පවුලක නිවෙසක සිහිනය සැබෑ වෙයි

ආරක්ෂක සේනා මුලස්ථානය වන්නි ආඥාපති මේජර් ජෙනරාල් එච් .ජේ .එස්. ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව බල ප්‍රදේශයේ ජීවත් වන ඉතා දිළිදු අඩු ආදායම්ලාභි පවුල් සදහා දෙස් විදෙස් පරිත්‍යාගශීලී දානපතීන් සමග සම්බන්ධ වී නිවාස ඉදිකරදීමේ මහගු සත්කාරයේ තවත් පියවරක් ලෙස ඉදිකරන ලද නව නිවෙස පසුගියදා අදාළ පවුල වෙත ලබාදෙන ලදි.

මීට අමතරව තවත් නිවාස 02 ක් ඉදිකිරිම සදහා මුල්ගල තබා ඇති අතර, මේ වන විට බල ප්‍රදේශයේ නිවාස 10ක් සම්පුර්ණයෙන්ම ඉදිකර නිවාසලාභින් වෙත ලබාදීම විශේෂ කරුණකි. ඒ අනුව විවෘත කරනු ලැබූ නව නිවාස හිමිවූයේ කොළඹ 02, සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි තාරක රන්වල මහතාගේ ධන පරිත්‍යාගයෙන් 21 සේනාංක බල ප්‍රදේශයට අයත් මැදවච්චිය,අගුනොච්චිය ලිපිනයේ පදිංචි එස්. සංජීව සිරිසේන මහතාටය. අංග සම්පූර්ණ මේ නිවස සදහා ජල/විදුලි පහසුකම් හා නිවෙසට ඇවැසි රු:50000.00 ට අධික වටිනාකමින් යුතු ගෘහ භාණ්ඩ සහ උපකරණ හිමිවූ අතර,ජලය ලබා ගැනීම සදහා රු:100000.00 ක පමණ වටිනාකමින් යුත් විදුලියෙන් ක්‍රියා කරනු ලබන නළ ලිදක්ද සකස් කරදී ඇත. මේ නිවෙස ඉදිකිරිම සදහා 212 බළසේනාධිපති කර්නල් අනිල් පීරිස් ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ සම්බන්ධිකරනයෙන් 21සේනාංකාධිපතිගේ පූර්ණ අධීක්ෂණය යටතේ 211බළසේනාධිපතිගේ මෙහෙයවීමෙන්, 2(සෙව්) විපාරෙ, ඒකකයේ අණදෙන නිලධාරි යටතේ සිටින සෙබලුන්ගේ ශ්‍රමදායකත්වයෙන් කෙටි කාලයක් තුළදි ඉදිකිරිමට කටයුතු සිදු කර ඇත.

වවුනියාව මධ්‍යම විශේෂ 
බණ්ඩාර විපුලසේන

නව අදහස දක්වන්න