පරිසරය අපවිත්‍ර නොකර දිය නාමුද? | දිනමිණ

පරිසරය අපවිත්‍ර නොකර දිය නාමුද?

බලන්ගොඩ බෙලිහුල්ඔය රජවක මාර්ගයේ සමනල වැවෙන් කාන්දු වන ජල පහර අසල ඉදිකර ඇති පලම අසලට දිය නෑම ,විනෝද විමට සහ මත්පැන් පානය කිරිම සදහා පැමිණෙන අය එම ස්ථානයේ පොලිතින්, වීදුරැ ,හිස් මත්පැන් බෝතල්, මෙන්ම නොදිරන අපද්‍රව්‍ය බැහැර කර යෑම හේතුවෙන් පාරිසරික ගැටලු රැසක් මතුව ඇතැයි අවට ජනතාව කියති. දෛනිකව දිය නෑමට සහ විනෝද වීමට එම පාලම අසලට විශාල පිරිසක් විවිධ ප්‍රදේශවලින් පැමිණෙති. එම පාලම අසල කොටස ලංකා විදුලි බල මණ්ඩලයට අයත් ආරක්ෂිත කලාපයක් ලෙසත්, නිකරුණේ ගැවසිම,වාහන නතර කර තැබීම සහ ඡායාරූප ගැනිම තහනම් යනුවෙන් එම පාලම අසල නාම පුවරු සවිකර තිබුණද එය ගණන් නොගෙන මෙවැනි පරිසර විනාශයක් සිදු වෙන බවද ජනතාව පෙන්වා දෙති.

එමෙන්ම මේ ස්ථානය ඉතාමත් අනාරක්ෂිත ස්ථානයක් බවත් මේ වසරේදී පමණක් එම ස්ථානයේ මත් පැන් පානය කර දිය නෑමට සහ විනෝද වීමට ගොස් ජලයේ ගිලි තරුණයන් තිදෙනෙකු පමණ මියගිය බවද ජනතාව කියති.පිටස්තර ප්‍රදේශවලින් පැමිණි ජනතාව එම ස්ථානයයේ තිබෙන අනාරක්ෂිත තත්ත්වය සම්බන්දයෙන් නොදැන එහි දිය නැමට ගොස් දියේ ගිලි මිය යන බව ජනතාව කියති.

බලන්ගොඩ විශේෂ සම්පත් ප්‍රියනන්දන

නව අදහස දක්වන්න