වැල්ලවාය දෙමටත්ආර ප්‍රදේශයේ නිව‍ාස තුනකට වනඅලි ප්‍රහාරයක් | දිනමිණ

වැල්ලවාය දෙමටත්ආර ප්‍රදේශයේ නිව‍ාස තුනකට වනඅලි ප්‍රහාරයක්

ආහාර සොයාගෙන ගම් වැදුණු තුන්පත් රෑනක් හා තනි අලියෙකු වැල්ලවාය වෙහෙරයාය දෙමටත්ආර ප්‍රදේශයේ නිවාස තුනකට දැඩි අලාභ හානි සිදුකර පලාගොස් තිබේ .ඉකුත්දා රාත්‍රි මේ නිවෙසට පැමිණි අලි දෙදෙනකු නිවසේ ගබඩා කර තිබු වි කවර අටක් පමණ අලි පැටවාට කන්නට දි ඌ කෑ පසු යළි ගොස් ඇති අතර ඊට නුදුරින් පිහිටි තවත් නිවාස දෙකකට තනි අලියෙකු විසින් පහරදි බිත්ති පෙරලා හානි සිදුකර සහල්, කුරක්කන්, හා කවුපි මලු රැගෙන කා පලාගොස් තිබේ . මේ සිද්ධි සම්බන්ධයෙන් නිවැසියෝ මෙසේ කීහ. එතකොට වෙලාව රෑ 10ට විතර ඇති . අපි කාමරේ හිටියේ .එක සැරේටම බිත්තයක් කඩාගෙන වැටුණා. අලියා කියලා අපි හිතුවා .බලනකොට එක අලියෙක් තමයි දැක්කේ . පස්සේ කට්ටිය කිව්වා දෙන්නෙක් ඉන්නවා පැටියෙකුත් බිම වාඩිවෙලා හිටියා කියලා. ඌට කන්න තමයි වි මලු ඇද ඇද දුන්නේ . අපි කොච්චර කෑගැහුවත් පැටියා නැගිටිනකං ගියේ නෑ.

මේ සම්බන්දයෙන් වැල්ලවාය වනජිවි කාර්යාලයෙන් කළ විමිසිමකදි එහි ප්‍රකාශකයෙකු පවසා සිටියේ අලි ගම් වැදුණු බව දැනගත් වහාම අලි එලවිමට කටයුතු කළ බවත් මේවන විට අලි පලාවාහැරිමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර අති බවත් සහ අලි වෙඩි ප්‍රදේශවාසින් වෙත ලබාදෙන බවත්ය.

වැල්ලවාය විශේෂ ජි. අයි. ආර්. ගරුසිංහ

නව අදහස දක්වන්න