ජාත්‍යන්තර අධ්‍යයන චීන ආයතනයේ නියෝජිත පිරිසක් දිවයිනට | දිනමිණ

ජාත්‍යන්තර අධ්‍යයන චීන ආයතනයේ නියෝජිත පිරිසක් දිවයිනට

ජාත්‍යන්තර අධ්‍යයන චීන ආයතනයේ උප සභාපති ඇතුළු නියෝජිත පිරිසක් පසුගියදා දිවයිනට පැමිණි අතර පාත්ෆයින්ඩර් පදනම සමඟ දෙරට අතර සහයෝගීතාව වර්ධනය කෙරෙහි අවධානය යොමු කළහ. සමාජ ආර්ථික සංවර්ධන වැඩසටහන් සම්බන්ධව කලාපීය සහයෝගීතාවයක් වෙනුවෙන් අධ්‍යයන කටයුතු වෙනුවෙන් මෙහිදී අදහස් හුවමාරු කරගෙන තිබේ. මහජන චීන සමූහාණ්ඩුවේ විදේශ අමාත්‍යාංශය යටතේ පවතින ජාත්‍යන්තර අධ්‍යයන අංශය 1956 වසරේ දී ස්ථාපිත කරන ලද අතර එය ආර්ථික, දේශපාලන හා සමාජ වාතාවරණය සම්බන්ධව අන්තර්ජාතික පර්යේෂණ පවත්වයි. ආයතනයේ උප සභාපති ආචාර්ය රොන්ග් යින්ග් මහතා ඇතුළු නියෝජිත පිරිස පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා සමඟ සමූහ ඡායාරූපයකට එක්වූ අයුරු.

පාත්ෆයින්ඩර් පදනමේ සභාපති බර්නාඩ් ගුණතිලක, අද්මිරාල්, මහාචාර්ය ජයනාත් කොළඹගේ, විධායක අධ්‍යක්ෂ ලක්ෂ්මන් සිරිවර්ධන, අධ්‍යක්ෂිකා අමීරා ආරෝස් සමඟ අධ්‍යයන ආයතනයේ පර්යේෂක ඩින්ග් ටියැන්කෝ, පර්යේෂිකා ලූ සා සහ චීන තානාපති කාර්යාලයේ නිලධාරිනී ෂැන්ග් චෙන්ග්ලින් යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

 

නව අදහස දක්වන්න