සහරාන්ගේ ගෝලයෝ 11ක් වැඩිදුර විමර්ශනයට කොළඹට | දිනමිණ

සහරාන්ගේ ගෝලයෝ 11ක් වැඩිදුර විමර්ශනයට කොළඹට

නුවරඑළිය සහ හම්බන්තොට පිහිටා තිබුණු සහරාන්ගේ කඳවුරුවලින් අවි පුහුණුව ලැබූ බවට රාජ්‍ය බුද්ධි සේවය විසින් ලබාදුන් තොරතුරු මත අම්පාර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් සංවිධානයේ සාමාජිකයින් 11 දෙනෙක් වැඩිදුර විමර්ශන සදහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට පෙරේදා (10) භාරදී තිබේ.

මෙරට තහනම් සංවිධානයක් වන ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් සංවිධානයේ සාමාජිකයින් ලෙස සහරාන් යටතේ අවි පුහුණුව ලැබූ 18 දෙනෙක් පසු ගිය මාස දෙක තුළ අම්පාර පොලිසිය මගින් අත්අඩංගුවනට ගෙන තිබුණි. ඒ අයගෙන් 06 දෙනෙක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශ මෙයට පෙර සිය භාරයට ගන්නා ලදි. පෙරේදා (10) භාරදුන් 11 දෙනාද සමග ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාරදී ඇති සැකරුවන් ගණන 17 දෙනෙකි. ඒ අනුව අම්පාර පොලිස් භාරයේ සිටි සියළුම සැකකරුවන් මේ වන විට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාරදී අවසන්ය.

සහරාන්ගෙන් පසු ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායකත්වයට පත්වීමට නියමිතව සිටි ජමාතේ මිල්ලතේ ඊබ්‍රාහිම් සංවිධානයේ න්‍යායාචාර්ය ලෙස කටයුතු කළ නෞෆර් මව්ලවි නැමැත්තාගේ 16 හැවරදි පුතාද අම්පාර පොලිස් අත්අඩංගුවට පත්වූවන් අතර සිටියි. එම සැකකරු බාල වයස්කරුවෙක් බැවින් අධිකරන නියෝගයකින් ඔහුව රැදවුම් මධ්‍යස්ථානයක රදවා සිටින බව උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය. එම බාල වයස්කාර සැකකරුගෙන් අද (12) දිනයේ ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.

ගයාන් කුමාර වීරසිංහ

නව අදහස දක්වන්න