සීමාවාසික වෛද්‍ය පත්වීම් 1401ක් ප්‍රදානය කරයි | දිනමිණ

සීමාවාසික වෛද්‍ය පත්වීම් 1401ක් ප්‍රදානය කරයි

ඉතිහාසයේ වැඩිම සීමාවාසික වෛද්‍ය පත්වීම් ප්‍රදානය අරලියගහ මන්දිරයේ දී ඊයේ(11) සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී වෛද්‍යවරුන් 1401ක් සඳහා සීමාවාසික පත්වීම් ප්‍රදානය කෙරිණි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල, කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ වෛද්‍ය පීඨය , සයිටම් වෛද්‍ය විද්‍යාලය සහ විදේශීය විශ්වවිද්‍යාලවල වෛද්‍ය උපාධිය සාර්ථකව නිම කළ සිසුන් සඳහා මෙම පත්වීම් ප්‍රදානය කෙරිණි. මෙම වෛද්‍යවරුන් 16 වැනිදා සිට අදාළ පත්වීම් ලද රෝහල්වල සේවාවන්හි නිරතවීමට නියමිත යි.

එම අවස්ථාවට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් සුජාතා සේනාරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ වැඩබලන ලේකම් නිහාල් බාලසූරිය, වෛද්‍ය සේවා 1 වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සුදත් ධර්මරත්න යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

චන්දිමා කරුණාරත්න 
ඡායාරූප - දුෂ්මන්ත මායාදුන්න

නව අදහස දක්වන්න