‘දියකාවා’ යුද අභ්‍යාසයේ තවත් මෙහෙයුමක් සාර්ථකයි | දිනමිණ

‘දියකාවා’ යුද අභ්‍යාසයේ තවත් මෙහෙයුමක් සාර්ථකයි

විජයානි එදිරිසිංහ

ශ්‍රි ලංකා යුද්ධ හමුදාව මගින් මේ දිනවල ක්‍රියාත්මක කරනු ලබන ‘දියකාවා යුද අභ්‍යාසය අදියර X – 2019’ ඒකාබද්ධ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ තවත් මෙහෙයුමක් පෙරේදා (10) දින උදෑසන රුසියානු නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 1 වන විශේෂ බලකා රෙජිමේන්තුව 01 සන්නද්ධයතුරු පැදිකරුවන්ගේ සහභාගීත්වයෙන් බෝම්බ නිෂ්පාදනය කරන ස්ථානයකට කඩාවැදී ත්‍රස්තවාදීන්ට අයත් බෝම්බ, පතුරොම් ඇතුළු අවිආයුධ තොගයක් අත්අඩංගුවට ගැනීමට සමත්වූහ.

නාගරික සටන් කුසලතා සහ සෙබළුන් සතුව ඇති සටන් හැකියාව මනාව පෙන්වමින්, පුල්මුඩේ නගර මධ්‍යයේ පිහිටි දෙමහල් ගොඩනැගිලි සංකීර්ණයේ පළමු මහලේ දෘඩාංග වෙළෙඳ සැලක් ලෙස ත්‍රස්තවාදීන් කණ්ඩායමක් විසින් රහසිගතව පවත්වාගෙන ගියබෝම්බ නිෂ්පාදනය කරනු ලබන ස්ථානයක් එම පුහුණු මෙහෙයුම දියත් කළ භටපිරිස් විසින් සාර්ථකව වටලනු ලැබීය.

ඉන් අනතුරුව, සිවිල් වැසියන්ට හෝ කිසිදු දේපලකට හානියක් නොවන පරිදී සියලුම ත්‍රස්තවාදීන් සහ පුපුරණ ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට භටපිරිස් සමත්වූහ.

නව අදහස දක්වන්න