සෆාරි යන්නම හදපු ‘සෆාරි ගමක්’ උඩවලවේ | දිනමිණ

සෆාරි යන්නම හදපු ‘සෆාරි ගමක්’ උඩවලවේ

කොළඹ සිට රත්නපු‍රය දක්වා කිලෝමීටර් 175ක් ගිය තැන අපට හමුවන අර්ධ ශුෂ්ක කලාපීය වන සත්ත්ව උද්‍යානයකි උඩවලව ජාතික වන උද්‍යානය. උඩවලව ජාතික වන උද්‍යානය යන නමින්ම අපට සිහියට නැඟෙන්නේ 'සෆාරි' ගමන්ය. ශ්‍රී ලංකාවේ සෆාරි යෑමට ඇති වන උද්‍යාන අතර උඩවලව, කවුඩුල්ල, විල්පත්තු සහ යාල වන උද්‍යාන ‍මේ ස‍ෆාරි ගමන් සඳහාම වෙන්වුණු වන උයන් වේ.

උඩවලව වන උද්‍යානයට කිලෝමීටර් 5ක් දුරින් සෆාරි යෑමටම නිර්මාණය කළ ගමක් තිබේ යන්න ඔබ ඇසුවොත් එය ඔබ පුදුමයට පත් කරවන්නකි. Safari Village Hotel Udawalawa සෆාරි ගමන් යෑම සඳහාම නිර්මාණය කරන ලද අක්කර 4කින් යුතු සුවිසල් ගමකි. උඩවලව වන උයන ප්‍රධාන තැනක් ගෙන සෆාරි යෑම සඳහාම ශ්‍රී ලංකාවේ නිර්මාණය කරන ලද ප්‍රථම හෝටලය Udawalawa Safari Village Hotel ය. 1992 වසරේ දී පරිසරවේදියකු ලෙසත් වනාන්තර ගවේෂකයකු ලෙසත් උඩවලවට ආ ජයන්ත කුමාර මහතා මේ අරුමැසි සෆාරි ගමේ නිර්මාපකයායි.

ඔහු, ඒ කාලේ උඩවලව බලන්න එන සංචාරකයන්ට කිසිදු පහසුකමක් තිබුණේ නෑ. මට මතකයි මම උඩවලවට ආපු මුල් කාලේ මේවා ඝන වනාන්තර. හරිම ශුෂ්කයි. ඊට පස්සේ මම හිතුවා උඩවලව බලන්න එන සංචාරකයන්ට නවාතැන් ගන්න ගමේ රසට කෑම වේලක් කන්න, සීතල වතුර ටිකක් නාගන්න තැනක් හැදුවොත් ‍‍හොඳයි කියලා. ඊට පස්සේ තමයි කාමර 7කින් මම මේ සෆාරි විලේජ් හෝටලය පටන් ගත්තේ. උඩවලවේ පටන්ගත්තු ප්‍රථම හෝටලය මෙයයි. දැන් අවුරුදු 28ක් වෙනවා.

ශ්‍රී ලංකාවේ දැනට වැඩිම ආදායම් ලබන උද්‍යාන අතර උඩවලවට හිමිවන්නේ දෙවැනි තැනයි. උඩවලව වන උද්‍යානය ආශ්‍රිතව ජීවත්වන ගැමි ජනයාගේ ප්‍රධාන ආදායම් මාර්ගය වී ඇත්තේ අද වන විට උඩවලව ජාතික වන උද්‍යානය වේ. විදේශීය මඟ පෙන්වන්නන් සෆාරි ජීප් හිමිකරුවන් ආහාර පාන සපයන්නන් ලෙස විශාල ප්‍රමාණයක් මේ ප්‍රදේශයේ රැකියාවෙහි නිරත වෙති.

මේ උඩවලව සෆාරි ගම පිළිබඳ වැඩි දුරටත් අදහස් දැක් වූ ජයන්ත කුමාර, අක්කර 4ක් පමණ වන මේ භූමි භාගයේ දැනට ඇති ගස්වලින් 90%ක් අප විසින් සිටුවන ලද ඒවායි. දැඩි නියං කාලවලට ද සෙවණ සහිත මේ හෝටල් පරිශ්‍රය විවිධ කුරුල්ලන්ගේ රජදහනකි.

මේ සෆාරි ගමේ සිට විනාඩි 5ක් පමණ (2km) අලි අනාථාගාරයට ද කතරගමට පැය 2කින්ද මත්තල ගුවන්තොටුපළට පැය 2කින්ද හම්බන්තොට වරාය මඩුවන්වෙල වලව්ව, මඳුනාගල උණු දිය ළිං නැරැඹීම සඳහා පැය 1 1/2කින් පමණ යා හැකිය.

කොළඹ පිහිටි Sakura Kinjou Group of Companies යටතේ පවතින S and K Safari Village (Pvt) Ltd මඟින් මෙය පාලනය වේ. කොළඹ ප්‍රධාන කාර්යාලය නො. 33 අමරසේකර මාවත, හැවුලොක් ටවුන්, කොළඹ 05 වේ.

මේ සුන්දර සෆාරි ගම නැරැඹීම සඳහා 0112591728 යන දුරකථන අංකයෙන් හෝ [email protected] යන Email ලිපිනයෙන් ද www.safarivillagehotels.lk යන වෙබ් අඩවියෙන් ද වැඩි විස්තර ලබාගත හැකිය.

විශේෂ ස්තූතිය 
අයේෂ්මන්ත හෙට්ටිආරච්චි මහතාට 
ඡායාරූප සුදත් මලවීර

 

නව අදහස දක්වන්න