TRUCK & ROUTE මහින්ද්‍රා බ්ලාසෝ ප්‍රයිම් මූවර් රථ පෙළක් මිලට ගනී | දිනමිණ

TRUCK & ROUTE මහින්ද්‍රා බ්ලාසෝ ප්‍රයිම් මූවර් රථ පෙළක් මිලට ගනී

අමෙරිකානු ඩොලර් බිලියන 20.7ක වත්කම් සහිත ඉන්දියාවේ මහින්ද්‍රා ඇන්ඩ් මහින්ද්‍රා ආයතනයේ ශ්‍රී ලංකාවේ අලෙවි නියෝජිත අයිඩියල් මෝටර්ස් සමාගම වෙතින් මෙරට ප්‍රමුඛ පෙළේ ප්‍රවාහන ආයතනයක් වන TRUCK & ROUTE ආයතනය අති නවීන තාක්‍ෂණයෙන් යුත් මහින්ද්‍රා බ්ලාසෝ ප්‍රයිම් මූවර් රථ පෙළක් මිලදී ගනු ලැබීය.

කැලණිය, වෙදමුල්ල ප්‍රදේශයේ පිහිටි අයිඩියල් මෝටර්ස් ශාඛාවේදී මේ මහින්ද්‍රා බ්ලාසෝ රථ පෙළ පසුගිය දා TRUCK & ROUTE ආයතනය වෙත නිල වශයෙන් බාරදෙන ලදි.

2019 වසරේදී Bs4 තාක්‍ෂණයෙන් යුත් මහින්ද්‍රා බ්ලාසෝ ප්‍රයිම්මූවර් රථ පෙළ අයිඩියල් මෝටර්ස් විසින් මෙරට වෙළෙඳ පොළට හඳුන්වාදෙනු ලැබීය. මේ රථවල සේවා වාර දිගු කිලෝ මීටර් ප්‍රමාණයකට හෝ වසරකට එක් වරක් පමණක් කළ සිදු කළ යුතු ආකාරයට නිෂ්පාදනය කර ඇත. මහින්ද්‍රා බ්ලාසෝ ප්‍රයිම් මූවර් රථ 7200cc අශ්වබල 280ක අධි ධාරිතාවකින් යුත් ජවසම්පන්න එන්ජිමකින් සමන්විතය. මහින්ද්‍රා බ්ලාසෝ රථ ෆුවෙල් ස්මාර්ට් තාක්‍ෂණයෙන් යුත් අතර, එමගින් ඉහළ ඉන්ධන කාර්යක්‍ෂමතාවක් ලබාදෙයි.

 

නව අදහස දක්වන්න