නෙළුම් කුළුණ ජනතා අයිතියට | දිනමිණ


 

නෙළුම් කුළුණ ජනතා අයිතියට

දකුණු ආසියාවේ උසම කුළුණ වන නෙළුම් කුළුණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අතින් මීට සුළු මෙහොතකට පෙර විවෘත කෙරිණ.

මෙම අභිමානවත් උත්සවයට මැති ඇමති ඇතුළු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් එක්ව සිටියහ.

ලෝකයේ රටවල් රැසක් මෙන්ම ආසියාතික රටවල් බොහෝමයක් නිබඳ සංචාරක ආකර්ශනය දිනාගත් එවැනි කුළුණු කිහිපයකට හිමිකම් කියයි.

මහල් 17 කින් යුත් මෙම කුළුණ මීටර් 350 ක් පමණ උසකින් සමන්විත මේ සඳහා වැය වූ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 104 කි.

ඉන් 80 % ක් චීනයෙන් ණය ආධාර යටතේ ඉදිකර තිබේ.

කරකැවෙන අවන්හල්, වෙළඳසැල්, සාප්පූ සංකීර්ණ මෙන්ම සංස්කෘතිකාංග ආදියට භාවිත කළ හැකි විශේෂ වේදිකාවක් ඊට එක්කර තිබේ.

මෙහි තව ත් විශේෂත්වයක් වන්නේ, අධිසුඛෝපභෝගී නිදන කාමර 6 ක් ද ඉදිකර තිබීමයි.

කුළුණේ නෙළුම් මල සහිත කොටස මහල් 8 කින් සමන්විත අතර එහි 6 වන සහ 7 වන මහල් වෙන් කර ඇත්තේ ගුවන් විදුලි හා රූපවාහිනී ඩිජිටල් සම්ප්‍රේෂණ කටයුතු සඳහා ය.

ඒ අනුව මෙරට රූපවාහිනි සහ ගුවන් විදුලි නාලිකාවලට බස්නාහිර පළාත වෙත තම විකාශයන් ඩිජිටල් සම්ප්‍රේෂණ තාක්ෂණය භාවිතා කරමින් ලබාදීමට මින් හැකි වේ.

නව අදහස දක්වන්න