සැක කටයුතු ධීවර යාත්‍රා හතරක් මුහුදේදී නාවික හමුදා බාරයට | දිනමිණ

සැක කටයුතු ධීවර යාත්‍රා හතරක් මුහුදේදී නාවික හමුදා බාරයට

මාලදිවයින් මුහුදු කලාපයේ ධීවර කටයුතුවල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 27 දෙනෙකු ශ්‍රී නාවික හමුදා භාරයට ගෙන තිබේ.
 
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මුරසංචාරයේ යෙදී සිටි නාවික හමුදා නෞකාවක් කළ නිරීක්ෂණයේදී මෙම බෝට්ටු හදුනාගෙන ඇත. මෙරට ලියාපදිංචි ධනුජි , සුබපැතුම් 04 , ලක්ප්‍රිය දේහි සහ නලීන් 10 බහුදින ධීවර යාත්‍රාවල සිටි ධීවරයින් මෙසේ නාවික හමුදා භාරයට ගෙන තිබේ. 
 
එම ධීවරයින් සහ බෝට්ටු වැඩිදුර විමර්ශන සඳහා කොළඹ සහ ගාල්ල වරායන් වෙත රැගෙන ඒම සිදු විය.
 
එම යාත්‍රා තුළ වැඩිදුරටත් කළ සෝදිසි කිරීමේදී යාත්‍රාවක් තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් සහ මෝර වරල් තොගයක් සොයා ගෙන ඇත.
 
මෙම යාත්‍රා මත්ද්‍රව්‍ය ජාවාරම් සමඟ සබඳතාවයක් තිබේදැයි සොයා බැලිම සඳහා විමර්ශනය කරමින් සිටින අතර, නාවික හමුදා බාරයට ගන්නා අවස්ථාවේදී මෙම යාත්‍රාවල තිබූ මත්ස්‍ය තොග සම්බන්ධයෙන් ධීවර දෙපාර්තමේන්තුව අවශ්‍ය කටයුතු සිදු කිරීමට නියමිතය.

නව අදහස දක්වන්න