නිශ්ශංක සේනාධිපති නොමැතිව සාක්ෂි විමසීමට නියෝග | දිනමිණ

නිශ්ශංක සේනාධිපති නොමැතිව සාක්ෂි විමසීමට නියෝග

ඇවන්ට්ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන අයට එරෙහිව පවරා ඇති  නඩුව ඔක්තෝබර් මස 22 වැනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (17) නියෝග කලේය.

 මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් අද නියෝග කලේ, නඩුවේ විත්තිකරුවකු වන නිශ්ශංක සේනාධිපති මේ වන විට සිංගපූරුවේ රෝහලක ප්‍රතිකාර ලබන බැවින් ඔහු නොමැතිව නඩුවේ සාක්ෂි විමසීම සිදු කිරීමටයි.

විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින වෙනත් නඩුවක් සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බැවින් ඔහු අද බන්ධනාගාර නිළධාරීන් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කෙරිණ.

රුපියල් ලක්ෂ 355 ක මුදලක් අල්ලසක් වශයෙන් ලබා දීමේ සහ ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇවන්ට්ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන අයට එරෙහිව අල්ලස් කොමිෂන් සභාව කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබුණි.

අධි චෝදනා 47 න් සමන්විත චෝදනා පත්‍රය විත්තිකරුවන් වෙත මීට පෙර භාර දෙනු ලැබීය.

රජයේ නිලධාරියකු ලෙසට කටයුතු කළ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මුදල් අවස්ථා හතකදී ලබා ගෙන ඇති බවට නීතිපතිවරයා චෝදනා කර සිටියි.

රුපියල් ලක්ෂ 355 ක මුදලක් අල්ලසක් වශයෙන් ලබා දීමේ සහ ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇවන්ට්ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන අයට එරෙහිව නඩු පැවරිණ.

 

නව අදහස දක්වන්න