OPPO නවතම A Series 2020 මාදිලි හඳුන්වා දෙයි | දිනමිණ

OPPO නවතම A Series 2020 මාදිලි හඳුන්වා දෙයි

දුරකථන මාදිලි මෙරටට හඳුන්වාදීමට මේවනවිට කටයුතු යොදාතිබේ. 2019 සැප්තැම්බර් 17 වන අද දින කොළඹදී පැවැත් වෙන විශේෂ උත්සවයක දී OPPO A9 2020 සහ A5 2020 මාදිලි නිල වශයෙන් මෙරට වෙළඳපොළට නිකුත් කෙරෙනු ඇත.

මධ්‍යම මිල පරාසයේ මාදිලි පෙළක්වන, අලංකාර නිමාවක් සහිත මෙම දුරකථන පෙළ විශිෂ්ට මට්ටමේ ඡායාරූප ගැනීමේ හැකියාවෙන් යුක්තවන අතර ආරෝපණය දිගු වෙලාවක් පවතින විශාල ප්‍රමාණයේ බැටරියක් සතූ නිසා මෙය ජංගම දුරකථන භාවිතා කරමින් වීඩියෝ ක්‍රීඩාවල යෙදෙන්නන්ට වඩාත්ම සුදුසු දුරකථනයක් ලෙසද හැඳින්විය හැකිවේ.

OPPO සමාගම පසුගිය වසර 10 ක කාලයක් තිස්සේ විදේශ රටවල තම දුරකථන අලෙවිකර ඇති අතර series දුරකථන මෙම සෑම වෙළඳපොළකම පාහේ ජනප්‍රියත්වය දිනාගැනීමට සමත්වී ඇත. මෙම දුරකථනවල නිමාව, ඡායාරූප හැකියාව සහ බැටරි තාක්ෂණය වැනි සාධක නිසා, 2009 වසරේදී ප්‍රථම වරට තායිලන්තයට A100 දුරකථනය හඳුන්වාදී මේ සිට මේ දක්වා A Series දුරකථන ලොව තරුණ පරපුර අතර අතිශයින් ජනප්‍රියවී ඇත.

නව අදහස දක්වන්න