ලංකා තරුණ ව්‍යවසායකයන්ගේ මණ්ඩලයෙන් ව්‍යවසාය සංවර්ධන වැඩමුළුවක් | දිනමිණ

ලංකා තරුණ ව්‍යවසායකයන්ගේ මණ්ඩලයෙන් ව්‍යවසාය සංවර්ධන වැඩමුළුවක්

ලංකා තරුණ ව්‍යවසායකයින්ගේ මණ්ඩලය (COYLE) පළමු වරට සංවිධාන කරන ලද 'ව්‍යවසාය සංවර්ධන වැඩමුළුව' පසුගිය අගෝස්තු මස 31 වනදා මහනුවර අර්ල් රීජන්සි හෝටලයේදී සාර්ථකව පැවැත්විණි. 2019 ඔක්තෝබර් මස 10 වනදා පැවැත්වීමට නියමිත එම මණ්ඩලයේ ප්‍රධානත ම ව්‍යවසාය උළෙල වන 'ලංකා තරුණ ව්‍යවසායකයින්ගේ මණ්ඩලයේ නායකත්ව සම්මේලනය' ට සමගාමීව මෙම වැඩමුළුව සංවිධාන කෙරිණි. COYLE සාමාජිකයන් මෙන්ම විවිධ ව්‍යපාරික ප්‍රජාව නියෝජනය කරමින් තවත් විශාල පිරිසක් ද එම වැඩමුළුව සඳහා සහභාගී වූහ.

ඉදිරියේදී දිවයින පුරා මෙවැනි වැඩමුළු රැසක් සංවිධාන කිරීමට COYLE සැලසුම් කර ඇති අතර මීළඟ වැඩමුළුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඉලක්කකර ගනිමින් සැප්තැම්බර් මස 28 වනදා යාපනයේ Jetwing North Gate හෝටලයේදී පැවැත්වීමට නියමිතය. COYLE සම්මේලනය වඩාත් සවිබල ගැන්වීම මෙම වැඩමුළු මාලාවේ අරමුණයි.

ආරම්භක දේශනය පැවැත්වූ COYLE සභාපති අමින්ද රොද්රිමගු මහතා මෙරට පවතින ඉදිරි ආයෝජන සහ ව්යාපපාරික අවස්ථාවලින් ඵල නෙළා ගන්නා ලෙස සහභාගී වූවන් හට ඇරයුම් කර සිටියේය. ව්යාඅපාරිකයන් හට මෙහිදී ඩිජිටල් මාධ්යි හරහා වෙළඳපොල පුළුල් කර ගත හැකි ආකාරය පිළිබඳවත්, මුල්යො නොවන අංශවල නියැලී සිටින ව්‍යාපාරිකයන් හට මුල්‍ය කළමනාකරණය පිළිබඳවත් දැනුවත් කෙරුණු අතර නවක ව්‍යවසායකයන් දිරිමත් කිරීම සඳහා COYLE සාමාජිකයෙකු සිය සාර්ථකත්වයේ ගමන පිළිබඳ දැනුවත් කළ විශේෂ සැසියකින් ද වැඩමුළුව සමන්විත විය.

ACCA සංගමය නියෝජනය කරමින් ටී.පී.එල්. රාජය මහතා ප්‍රථම සැසියේදී අලෙවිකරණයට අදාළ පැතිකඩ රැසක් ආවරණය කළ අතර [email protected] ආයතනයේ උදාර ධර්මසේන මහතා ෆේස්බුක් හරහා විකුණුම්කරණයට සිදු කළ හැකි බලපෑම මෙන්ම ෆේස්බුක් ප්‍රවර්ධන වැඩසටහන් සැලසුම් වැඩිදියුණු කර ගන්නා ආකාරය පිළිබඳ ද පුළුල් ඉදිරිපත් කිරීමක් සිදු කළේය.

නව අදහස දක්වන්න