The Exterminators සමාගම International Green World Ambassador 2019 සම්මානයෙන් පිදුම් ලබයි | දිනමිණ

The Exterminators සමාගම International Green World Ambassador 2019 සම්මානයෙන් පිදුම් ලබයි

කුඩා පරිමාණ ව්‍යාපාර අංශය තුළ පරිසරය සුරක්ෂිත කිරීම උදෙසා හරිත විප්ලවයක් කළ කෘමි පාලන ආයතනයක් වන The Exterminators (Pvt) Ltd පසුගියදා International Green World Ambassador 2019 සම්මානයෙන් පිදුම් ලැබීය.

මහා බ්‍රිතාන්‍යය මූලික කර ගත් ජාත්‍යන්තර හරිත සංවිධානය මෙම සම්මානය පිරිනැමුවේ පරිසරය සුරක්ෂිත කිරීමට නායකත්වය සැපයීම උදෙසා අවශ්‍ය තිරසාර සංවර්ධන ක්‍රියාමාර්ග අනුගමනය කිරීම හේතුවෙනි. ඉදිරියේදී තිරසාර සංවර්ධන ඉලක්ක යටතේ පරිසරය සුරක්ෂිත කිරීමට අවශ්‍ය සුවිශේෂ කාර්යයන් රැසක් කිරීමට The Exterminators සමාගම අපේක්ෂා කරයි.

The Exterminators සමාගම 2014 දී Carbon Neutral Certified Pest Controlසහතිකය ලැබූ දකුණු ආසියාවේ ප්‍රථම කෘමි පාලන ආයතනය විය. එසේම 2016දී ලොව ප්‍රථම වරට Carbon Neutral Termite Station (Smart Missile) සහතිකයෙන්ද, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ISO 14001 සහතිකයෙන්ද පිදුම් ලැබීය. The Exterminators සමාගම පේටන්ට් අංක 18147 යටතේ 2015දී Green Guard නවොත්පාදනය සිදු කළ අතර 2015දී සහ 2017දී 36 ‍% කින් සහ 20‍%කින් කාබන් විමෝචනය අවම කළේය.

මහා බ්‍රිතාන්‍යයේ හරිත පරිසර නායකත්වය සඳහා වූ Green Apple සම්මානයෙන්ද The Exterminators සමාගම පිදුම් ලැබීය. අඛණ්ඩව පස්වැනි වතාවටත් Carbon Neutral සහතිකය ලැබීමෙන්ම The Exterminators සමාගම හරිත ලෝකයක් නිමැවීමට ලොවට ලබා දෙන නායකත්වය මනාව පෙන්නුම් කරයි. සමාගම තුළ සාර්ථක අයරින් තිරසාර පරිසර දැක්මක් නිර්මාණය කිරීම උදෙසා ගත් ප්‍රමුඛ පියවරක් ලෙස මෙය හැඳින්විය හැකිය.

පරිසරයට යහපත් බලපෑමක් සිදු කරන වගකීම් සහගත ආයතනයක් ලෙස දිගුකාලීන දැක්මක් යටතේ කැප වීමට සමාගම සුදානම්ය. “International Green World Ambassador 2019 සම්මානයෙන් පිදුම් ලැබීම පිළිබඳව අපි බෙහෙවින් සතුටට පත්වෙනවා. තව දුරටත් පරිසරය සුරක්ෂිත කිරීමට බලපාන තිරසාර පරිචයන් පිළිබඳව ලෝකය දැනුවත් කිරීමේ කාර්යයෙහි නියැලීමට අප සුදානම්.” Exterminators නිර්මාර්තෘ/කළමනාකාර අධ්‍යක්ෂ මාලන් ෆෙරෙයිරා මහතා පැවසීය.

නව අදහස දක්වන්න