Comviva සහ N-able අත්වැල් බැඳ ගනී | දිනමිණ


 

Comviva සහ N-able අත්වැල් බැඳ ගනී

ශ්‍රී ලාංකික ඩිජිටල් සේවාවේ ප්‍රමුඛතම ආයතනයක් වන N-able පුද්ගලික සමාගම දේශීය ඩිජිටල් සේවාවන් හි ගුණාත්මක වර්ධනයක් ඇති කිරීම සඳහා ලෝකයේ අංක එකේ මොබිලිටි විසඳුම් සපයන්නාවූ Comviva සමග අත්වැල් බැඳගත් බව දැනුම් දෙයි.

මෙම සහයෝගීතාවයේ ප්‍රතිඵලයක් ලෙස N-able සමාගමට Comviva හි නවතම තාක්ෂණයන් DSDP( Digital Services Delivery Platform) හරහා ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ සේවා සේවා සපයන්නන්ට ලබා දීමට හැකිවනු ඇත.පාරිභෝගික ක්‍රියාකාරිත්වය පිලිබඳ සැබෑ අවබෝධයක් ලබා ගැනීමට හැකි විශාල දත්ත පදනම් කරගත් තත්කාලීන අලෙවිකරණ විසඳුම් මෙම සහයෝගිතාව හරහා ක්‍රියාකරුවන්ට ලැබේ. තවද මේ තුලින් පාරිභෝගිකයන්ට ඕනෑම ජාලයක් හෝ උපාංගයක් හරහා බහු නාලිකා අත්දැකීම් ද ලබා ගැනීමට හැකියාව ලැබෙන අතර DSDP මගින් ජංගම දුරකථන ක්‍රියාකරුවන්ට හුදු සම්බන්ධතාවයෙන් ඔබ්බට ගිය ඩිජිටල් සේවාවන්හි නව වර්ධන අවස්ථාන හි අත්දැකීම් විඳ ගැනීමේ හැකියාව ද ලැබේ.ඊට අතිරේකව Comviv හි ව්‍යවසාය පණිවුඩකරණ පද්ධතියomni-channel අත්දැකීමද පාරිභෝගිකයාට ලබා දෙයි.

මේ පිලිබඳ අදහස් දක්වන N-able පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී පීටර් ද අල්මේදා මහතා,” ලෝකයේ ප්‍රමුඛතම ඩිජිටල් සේවාවන් සපයන්නකු වන Comviva සමග අත්වැල් බැඳ ගැනීමට ලැබීම ඇත්තෙන්ම සතුටට කාරණයක් .ඔවුන් සතු නවතම තාක්ෂණික ක්‍රමවේද මගින් පාරිභෝගිකයන්ගේ ඉතා සුළු වෙනස්කම් පවා අධ්‍යයනය කිරීමේ හැකියාව අපට ලැබෙනවා.පාරිභෝගික හැසිරීම,ඔවුන්ගේ මනාපයන් යනාදී බොහෝ කරුණු සම්බන්ධයෙන් ඔවුන්ගේ වෙනස්වීම් අධ්‍යයනය කිරීම තුළින් පාරිභෝගික හැසිරීම් රටාවේ කොටසක් වීමට මින් අපට හැකියාව ලැබෙනවා.”

නව අදහස දක්වන්න