බූරුපොළෙන් අත්අඩංගුවට ගත් මුදල් යටමඩි ගැසූ පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් | දිනමිණ

බූරුපොළෙන් අත්අඩංගුවට ගත් මුදල් යටමඩි ගැසූ පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම්

වෙන්නප්පුව දුම්මලදෙනිය ප්‍රදේශයේ නීති විරෝධීව පවත්වා ගෙන ගිය බූරු පොළක් වටලා අත් අඩංගුවට ගත් මුදල් අධිකරණයට ඉදිරිපත් නොකර යටි මඩි ගැසු බවට චෝදනා එල්ල වී ඇති හලාවත කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ සියලුම නිලධාරින්ගේ වැඩ තාවකාලිව තහනම් කර ඇති බව පොලිසිය කියයි.

වැඩ තහනම් කර ඇති පිරිසට එම ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂකවරයා සැරයන් වරයා කොස්තාපල්වරුන් පස් දෙනෙකු සහ පොලිස් රියදුරු ඇතුළත් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය කියයි.

පුත්තලම නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලක් මහතාගේ උපදෙසින්

හලාවතපොලිස් අධිකාරි සුරංජිත් කුමාරපේලි මහතා සහ නාත්තණ්ඩිය සහකාර පොලිස් අධිකාරි සුජීව විජේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු විශේෂ පොලිස් නිලධාරින් කණ්ඩායමක් මෙම මුදල් යටිමඩි ගැසීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පරික්ෂණයක් ආරම්භ කර ඇත.

ඒ අනුව නාත්තණ්ඩිය සහකාර පොලිස් අධිකාරි සුජීව විජේසේන මහතාගෙන් මෙම පරික්ෂණ වල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් විමසු අවස්ථාවේ දි ඒ මහතා කියා සිටියේ පරීක්ෂණ කටයුතු නිම වන තෙක් එම වැටලීම සිදු කළ කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක හා සැරයන්ගේ හා සියලුම නිලධාරින්ගේ වැඩ තාවකාලිකව තහනම් කළ බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විර්මශන කටයුතු අවසන් වීමෙන් පසු නිලධාරින් ට එරෙහිව චෝදනා ඉදිරිපත් කළ නොහැකි නම් ඔවුන් මුදා හරින බවත් ඔවුන් වැරදිකරුවන් බව ඔප්පු වුවහොත් එම ඒකකයේ නිලධාරින් අත් අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියා මාර්ගයක් ගන්නා බවත් මෙම මුදල් සම්බන්ධයෙන් මෙතක් නිශ්චිත තොරතුරු හෙළි වී නැති බවත් විශාල මුදලක් මෙහි සංසරණය වී ඇති බවට කරුණු හෙළිවූ බවත් නාත්තණ්ඩිය සහකාර පොලිස් අධිකාරිවරයා කීය .

මෙරට පොලිස් ඉතිහාසයේ යටි මඩි ගසා ඇති ලොකුම මුදල මෙය බවත් මෙයට කලින් මෙවැනි මුල්‍ය වංචාවක් සිදු වි නොමැති බවත් කියයි .

ඊට අමතරව එම බූරු පළෙන් අත් අඩංගුවට ගත් සැකකරුවන් 24 දෙනාගෙන් අට දෙනෙකු පමණක් අධිකරණය හමුවට ඉදිරිපත් කර සෙසු සැකකරුවන් ද ඒ සමගම මුදා හැර ඇති බවත් හෙළි විය.

මුන්නේශ්වරම සමුහ ඊ.සී.ප්‍රනාන්දු

නව අදහස දක්වන්න