2025 දී ඩොලර් බිලියන 89ක ආර්ථික වර්ධනයක් | දිනමිණ

2025 දී ඩොලර් බිලියන 89ක ආර්ථික වර්ධනයක්

 ශ්‍රී ලංකා ආර්ථික සමුළුව (SLES) 2019 ඊයේ දිනයේදී සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී ආරම්භ විය . මෙම සමුළුවෙහි තේමාව වූයේ ‘ශ්‍රී ලංකාවේ ආර්ථික ගමන් මඟ 2025 දෙසට නැවත ක්‍රමාංකනය කිරීම’ යන්න යි.

මෙම සමුළුවට ජාතික සංවර්ධනය හැඩගැස්වීමේ දී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික නායකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ විශේෂඥයින්ගෙන් සමන්විත දේශීය හා විදෙස් ආර්ථික විශේෂඥයින් 450 කට අධික සංඛ්‍යාවක් සහභාගි විය . මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ආරාධිත අමුත්තා ලෙස මුදල් අමාත්‍ය මංගල සමාරවීර සහභාගී විය .

‘ඉදිරියට යා යුතු ආකාරය පිළිබඳ ස්ථිර අදහසක් තිබීම ජාතික සංවර්ධනයට දායක විය හැකි එක් ක්‍රමයක් . මෙම ප්‍රයත්නයන් සඳහා වඩාත් සමීපව සම්බන්ධ වීමට පෞද්ගලික අංශය දිරිමත් කිරීමට මම කැමතියි. ලංකා වාණිජ මණ්ඩලය ඔවුන් ඉටු කළ ප්‍රමුඛ කාර්යභාරය ගැන සුබ පතනවා ’ . යනුවෙන් අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා මෙහි දී පැවසීය.

‘ මා විශ්වාස කරන්නේ උපායමාර්ගිකව තෝරාගත් ප්‍රතිපත්ති මාලාවක් අනුගමනය කිරීමයි, රාජ්‍ය හා පෞද්ගලික අංශ හරහා ක්‍රියාත්මක කිරීම කෙරෙහි ඉහළ අවධානයක් යොමු කරමින් සහ සියලු දෙනාගේම සංවර්ධනය පිළිබඳ නොසැළෙන විශ්වාසයක් ඇතිව ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඩොලර් 134 දක්වා ළඟා කරගත හැකියි. 2025 වන විට එම වර්ධනය ඩොලර් බිලියන 89 ක් වෙනවා ’ යනුවෙන් ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ආචාර්ය හාන්ස් විජයසුරිය මහතා මෙහි දී ප්‍රකාශ කළහ.

සටහන මදාරා මුදලිගේ

නව අදහස දක්වන්න