ලොව හොඳම ගුරුවරයා අමෙරිකා ජනපති හමුවෙයි | දිනමිණ

ලොව හොඳම ගුරුවරයා අමෙරිකා ජනපති හමුවෙයි

(ක්‍රිසන්ති විතාරණ)
 
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ දේශනයක් පැවැත්වීමට පැමිණි ලොව හොඳම ගුරුවරයා ලෙස සම්මාන ලැබූ කෙන්යාවේ පීටර් ටබිචි ධවල මන්දිරයේ දී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවිය. 
 
ඔහු නයිරෝබි සිටකිලෝ මීටර් 188ක් දුරින් පිහිටි නකුරු හි කෙරිකො මිශ්‍ර පාසැලේ විද්‍යා විෂය උගන්වන ගුරුවරයෙකි. 
 
මෙම ඡායාරූපය ධවල මන්දිර මාධ්‍ය ලේකම් විසින් ටිවිටර් වෙත යොමු කර තිබුණේ " තම මව්බිම වන කෙන්යාවේ දුප්පතුන් හට උදව් කිරීමට මාසික ආදායමෙන් 80%ක් වැය කරන ටබිචි සහෝදරයා" ලෙස සටහන් කරමිනි. 

නව අදහස දක්වන්න