කඩොලාන කැපූ 4ක් සමඟ බුල්ඩෝසර් 3ක් දැලේ | දිනමිණ

කඩොලාන කැපූ 4ක් සමඟ බුල්ඩෝසර් 3ක් දැලේ

පුත්තලම මන්නාරම් පාරේ මනතිව් කළපුව අද්දර සාර්ථක ලෙස වැවී තිබෙන කඩොලාන වගාවක් බුල්ඩෝසර් යන්ත්‍ර යොදාගෙන එළි පෙහෙළි කරමින් සිටි හතර දෙනෙක් එම බුල්ඩෝසර් යන්ත්‍ර තුනක්ද සමග පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේද සහාය ඇතිව වන සංරක්ෂණ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

(පුත්තලම දිසා වන නිලධාරි භාරත දිසානායක මහතා ප්‍රමුඛ වනසංරක්ෂණ නිලධාරි කණ්ඩායමක්, පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ද සමඟ එක්ව 17 දා සවස සිදුකළ මෙම වැටලීමේදී මෙම කළපු රක්ෂිතයේ කඩොලාන වගාව කපා එළි පෙහෙළි කිරීමේ ජාවාරමේ මහ මොලකරු හා බුල්ඩෝසර් යන්ත්‍ර ක්‍රියාකරුවන් තුන්දෙනෙක්ද එම බුල්ඩෝසර් යන්ත්‍ර තුනත් සමග මෙසේ අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.

ඡායාරූප- පුත්තලම සමූහ ඩබ්ලිව්.සී.බී.ප්‍රනාන්දු

නව අදහස දක්වන්න