මාධ්‍යවේදී සංගමයෙන් වැඩිහිටියන්ට සත්කාර | දිනමිණ

මාධ්‍යවේදී සංගමයෙන් වැඩිහිටියන්ට සත්කාර

මහනුවර දිස්ත්‍රික් මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් පූජාපිටිය ගොඩහේන කාන්තා වැඩිහිටි නිවාසයේ නේවාසිකයන් සඳහා ධර්ම දේශනයක් පවත්වා තේ පැන් සංග්‍රහයක් පැවැත්විණි.

ගොඩහේන ශ්‍රී සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති ගොඩහේනේ ජිනානන්ද හිමියන් විසින් දම් දෙසුමක් පැවැත්වූහ. මෙම අවස්ථාට මාධ්‍යවේදී සංගමයේ සියලුම සාමාජිකයන් සහභාගී වූ අතර මාධ්‍යවේදීන් නේවාසිකයන්ට රසකැවිලි පාර්සල් බෙදාදීමට කටයුතු කළහ.

සටහන සහ ඡායාරූප තලාතුඔය විශේෂ පී.ඒ. කපුරුබණ්ඩාරආරච්චි

නව අදහස දක්වන්න