මහ වැසි වැටීමෙන් අස්වැන්න නෙලන්න බාධා ගොවීන් අසරණයි | දිනමිණ

මහ වැසි වැටීමෙන් අස්වැන්න නෙලන්න බාධා ගොවීන් අසරණයි

වලස්මුල්ල ප්‍රදේශයට මාස 2 ක් සිට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව නිසා උඩ දෙබරාව, රතඹලේ යාය, පද්දපිටිය යාය කුඹුරු අක්කර සිය ගණනක් අස්වැන්න නෙලා ගැනීමට නොහැකිව ගොවීහු අසරණ තත්ත්යට පත්ව ඇත.

ගොයම් ගස් බිමට වැටී වී කුඹුරේම පැළවී ඇති අතර ගොයම් කපා ගොඩට ගැනීමටවත් නොහැකිවී ඇති අතර උඩ දෙබරාව ගොවි සංවිධානයේ ලේකම් කේ.සෝමදාස මහතා පැවසුවේ අස්වැන්න නෙලා ගත නොහැකිව අක්කර සිය ගණනක් කුඹුරු විනාශ වී ඇති බවයි. දැනට ගොවීන්ට වන්දි ගෙවීමට කටයුතු කර ගෙන යන බවද ඔහු පැවසීය.

ඉක්මනින් වන්දි ලබා දෙන්නේ නම් අන්ත අසරණ තත්වයට පත්ව සිටින ගොවීන්ට කරන සහනයක් බවද ලේකම් වරයා පැවසීය.

සටහන සහ ඡායාරූපය
වලස්මුල්ල විශේෂ කේ.කෝට්ටගේ

නව අදහස දක්වන්න