උතුරු පලාතේ ව්‍යවසායකයින්ට ප්‍රාදේශිය සංවර්ධන බැංකුවෙන් ණය | දිනමිණ

උතුරු පලාතේ ව්‍යවසායකයින්ට ප්‍රාදේශිය සංවර්ධන බැංකුවෙන් ණය

යාපනයේ පැවැති එන්ටර්ප්‍රයිස් ශ්‍රි ලංකා ප්‍රදර්ශනයේ දී ප්‍රාදේශිය සංවර්ධන බැංකුවෙන් ව්‍යවසායකයින් 100 දෙනෙකු සදහා ණය මුදල් ලබාදීම සිදුවිය. පසුගියදා යාපනය දොරේඅප්පා ක්‍රීඩාගංනයේ පැවැති එන්ටර්ප්‍රයිස් ශ්‍රි ලංකා ප්‍රදර්ශනයේ දී මෙම ණය ලබාදීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සුරතින්, මුදල් අමාත්‍ය මංගල සමරවර මහතාගේ සහ බැංකුවේ සභාපති නීතීඥ සුජිත් කාරියවසම් මහතාගේ මූලිකත්වයෙනන් සිදුවිය. සත්ව පාලනය, කෘෂිකර්මාන්තය, මැටී ආශ්‍රිත කර්මාන්ත වල නියුතු ව්‍යවසායකයින් සදහා මෙම ණය ලබාදීම සිදුවිය.

සියයට සියයක් රාජ්‍ය ආරක්ෂාවක් සහිත දිවයිනේ ප්‍රමුඛතම සංවර්ධන බැංකුව වන ප්‍රාදේශිය සංවර්ධන බැංකුව වසර 34 ක අභිමාවත් ඉතිහාසයකට හිමිකම් කියයි. ශාඛා 274 ක් සහ ගණුදෙණුකරුවන් මිලියන 6 කට ආසන්න ප්‍රමාණයක් බැංකුව සතුවන අතර ගෙවීගිය කාලය තුල මෙරට සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින් රාශියක් ජාතික ආර්ථිකයට දායාද කොට නිහඩ සේවයක් සපයා තිබේ.

රජයේ දැවැන්ත සංවර්ධන යෝජනා ක්‍රමයක් වන “එන්ටර්ප්‍රයිස් ශ්‍රි ලංකා“ ණය යෝජනා ක්‍රමයට මෙරට මුල්‍ය ක්ෂේත්‍රයේ වැඩිම දායකත්වය ලබාදී ඇත්තේ ප්‍රාදේශිය සංවර්ධන බැංකුව වේ. තවද ආසියානු සංවර්ධන බැංකුව විසින් ඩොලර් මිලියන 50 ක ණය මුදලක් බැංකුවට ලබාදී ඇත්තේ මෙරට තරුණ කාන්තා ව්‍යවසායිකාවන් සවිබල ගන්වා ඔවුන් ජාතික ආර්ථිකයට ශක්තිමත් ලෙස දායක කරගැනීම වෙනුවෙණි.

මෙම ණය ලබාදීමේ අවස්ථාවට ප්‍රාදේශිය සංවර්ධන වැඩබලන සාමාන්‍යාධිකාරී /ප්‍රධාන විධායක නිළධාරී ටී. කුහන් මහතා ප්‍රාදේශිය සංවර්ධන බැංකුවේ උතුරු මැද පලාත් ප්‍රාදේශිය සාමාන්‍යාධිකාරී ඒ. එච්. එම්. ජී. අබේරත්න මහතා සහකාර සාමාන්‍යාධිකාරී ජී. එම්. ඛී. සී. ඩී. සිල්වා මහතා ඇතුළු වීශාල පිරිසක් සහභාගිවූහ.

නව අදහස දක්වන්න