පාරපුරා තාප්ප ලස්සන කරන පින්නදූවේ කාංචනා | දිනමිණ

පාරපුරා තාප්ප ලස්සන කරන පින්නදූවේ කාංචනා

ගාල්ල පින්නදූව නම වර්තමානයේ දෙස් විදෙස් ජනතාවට හුරු පුරුදු වී හමාරය. ඒ දක්ෂිණ අධිවේගි මගේ ගාල්ල පිවිසුම පින්නදූවේ පිහිටා තිබීමයි. මේ ගමේ උපත ලබා ආසන්න ජනප්‍රිය පාසලක් වන ගාල්ල ගා/මානවිල උපනන්ද විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ගා/සංඝමිත්තා බාලිකා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා පසුව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් කලා උපාධියක් ලැබූ පී.කේ.කාංචනා දිල්රුක්ෂි ඉන් පසුව හිනිදුම මල්ලිකා විද්‍යාලයේ සංගීත ගුරුවරියක ලෙසද සේවය කර ඇත. වර්තමානයේ ඉතාලියේ මිලානෝ නගරයේ ඇය පදිංචිව සිටි. තම ස්වාමි පුරුෂයා වන සමන් ඉන්දික වාසලගේ මහතාද ගොඩනැගිලි පරිපාලකවරයෙකු ලෙස සේවය කරන අතර ඔවුන් එරටම පදිංචිව සිටින්නේ සිය දරුවන් දෙදෙනා සමගය. කාංචනාගේ උපන්බිම වූ ශ්‍රී ලංකාවේ උපන් ගම වූ පින්නදූව ගාල්ල උඩුගම පිවිසුම් මාර්ගයේ දැඩි කලක් අපවිත්‍රවන අයුරින් දැන්වීම් අලවා පරවි වසුරුවලින්ද අපවිත්‍රව තිබූ සියලු දෑ පිරිසුදු කොට වර්ණ ගන්වා දර්ශනීය සිතුවම් අන්දවා සකස් කිරීමට මාතෘභූමි වන්දනා වැඩසටහනෙන් ප්‍රතිපාදන වෙන්කොට හැඩ ගන්වා මහජනයාට ජනගත කිරීම මාතෘ ග්‍රාම සත්කාරයක් ලෙසද හැදින්විය හැකිය. ගාල්ලේ ශ්‍රී ලංකන් ඇඩ්වටයිසින් හි වසන්ත විදාන පතිරණ ඇතුළු ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් පිරිසක් විසින් මෙය කලාත්මකව නිමකර කාංචනාගේ මවුපියන්ගේ සහභාගීත්වයෙන් ජනගත කිරීම සිදු කෙරිණි.

ගාල්ල ඡායාරූප 
ජයලාල් ජයවර්ධන

නව අදහස දක්වන්න