සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ඉහළ නැංවීමට සුව ඇමැතිගෙන් පියවර | දිනමිණ

සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ඉහළ නැංවීමට සුව ඇමැතිගෙන් පියවර

ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමේ අරමුණ ඇතිව, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් අනුව සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
 
ඒ අනුව සෞඛ්‍ය සේවාවේ එක් එක් වෘත්තීය සේවාවන් හී පැවැති පුරප්පාඩු අවම කරමින් පසුගියදා 703 දෙනකු සදහා පුහුණු පත්වීම් ප්‍රදානය සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පසුගියදා සිදු කෙරිනි. අදාල සියලු පත්වීම් අ.පො.ස උසස් පෙළ ඉහළ ප්‍රතිඵලලාභීන් අතරින් තෝරා ගැනීම සිදු කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේය.
 
දිවයින පුරා රජයේ රෝහල්වල  ඖෂධවේදී පුරප්පාඩු 383 ක් පැවැති අතර, පසුගියදා ඖෂධවේදී පුහුණූව සදහා 249 ක් බදවා ගැනීමත් සමග එම පුරප්පාඩූ පුර්ණය කිරීමේ හැකියාව ලැබී ඇත. එමෙන්ම වෘත්තීය චිකිත්සක පුහුණුවට 55 ක් බදවා ගත් අතර එහි පැවැති 83 ක් වූ පුරප්පාඩු සංඛ්‍යාව අවම කිරීමට එමගින් හැකිව ඇත. තව ද මහජන සෞඛ්‍ය පරීක්ෂණවරු 346 පුහුණුවට බදවා ගැනීමට පියවර ගත් අතර, පැවැති 382 ක් වූ පුරප්පාඩු සංඛ්‍යාව ද අවම කර ගැනීමට හැකියාව ලැබී ඇත. 
 
අක්ෂි තාක්ෂණවේදී තනතුරේ පුරප්පාඩු 17 ක් පැවැති අතර 19 ක් පුහුණුවට බඳවා ගැනීමත් සමග එම පුරප්පාඩු සංඛ්‍යාව ද ඉතාම අවම තත්ත්වයට පත්ව ඇත.. කීට විද්‍යා නිලධාරීන් 101 පුරප්පාඩුව පැවැති අතර 24 ක් පුහුණුවට බඳවා ගැනීමට කටයුතු යෙදිනි. අංගාදේශක සෘජුකරනඥ 10 ක් පුහුණුවට බඳවා ගැනීමත් සමග පැවැති 08 ක් වූ පුරප්පාඩු සංඛ්‍යාව පූර්ණය කොට ඇ.ත. ඔවසියර් 108 දෙනෙකුට පත්වීම් ලබාදීමත් සමග එම තනතුරේ පුරප්පාඩුව පැවැති 159 ක් වූ සංඛ්‍යාව ද අවම අගයට පත් කිරීමට හැකියාව ලැබී ඇත. 
 
මෙම අවස්ථාවට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති රූමි මොහොමඩ් මහතා, කළුතර දිස්ත්‍රික්කයේ දේශපාලන නියෝජිතයින්., එක්සත් ජාතික පක්ෂයේ බේරුවල සංවිධායක ඉෂ්ථීකාර් ජමිල්, බේරුවල ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක බදියුදීන්,  පාසලේ විදුහල්පති එම්.එස්.එම් නල්රී මහතා, ගරු මණ්ඩලය, සිසු දරු  දැරියන්, දෙමාපියන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.
 
 

නව අදහස දක්වන්න