ජාත්‍යන්තර වසංගත රෝග අධ්‍යයන සංගමයේ පළමු දකුණු ආසියානු කලාපයීය සමුළුව ශ්‍රී ලංකාවේදී | දිනමිණ

ජාත්‍යන්තර වසංගත රෝග අධ්‍යයන සංගමයේ පළමු දකුණු ආසියානු කලාපයීය සමුළුව ශ්‍රී ලංකාවේදී

ශ්‍රී ලංකා ප්‍රජා සෞඛ්‍ය විශේෂඥයින්ගේ සංගමයේ 24 වන විද්‍යාත්මක සැසිවාරයට සමගාමීව, ජාත්‍යන්තර වසංගත රෝග අධ්‍යයන සංගමයේ පළමු දකුණු ආසියානු කලාපයීය සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වේ.

සැප්තැම්බර් 19 දින සිට 21 දින දක්වා කොළඹ සිනමන් ග්‍රෑන්ඞ් හෝටල් පරිශ්‍රයේ පැවත්වුණු මෙම සමුළුවට අදාළ ක්ෂේත්‍රය නියෝජනය කරන දෙස් විදෙස් නියෝජිතයන් රැසක් සහභාගි විය.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ මගපෙන්වීම යටතේ මෙම අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවී තිබේ.

ජාත්‍යන්තර වසංගත රෝග අධ්‍යයන සංගමයේ පළමු දකුණු ආසියානු කලාපයීය සමුළුවට ලොව පුරා විසිරී සිටින 450කට අධික නියෝජිතයන් පිරිසක් සහභාගි විය.

එමගින් සමුළුවට සහභාගිවන සාමාජික රටවල් සමග අන්තර් සබඳතා ශක්තිමත් කර ගැනීමට බලාපොරොත්තු විය.මෙම සමුළුව මගින් ලබා ගන්නා දැනුම හා තොරතුරු මගින් මෙරට ප්‍රජා සෞඛ්‍ය සේවය වඩා ප්‍රායෝගික කිරීමටත්, අදාළ ප්‍රතිපත්තීන් නිර්මාණය කර ගැනීමටත් අපේක්ෂිතයි.

නව අදහස දක්වන්න