අණ නොතකා ධාවනය කළ මෝටර් රථයට කටුවන දී පොලිස් වෙඩි | දිනමිණ

අණ නොතකා ධාවනය කළ මෝටර් රථයට කටුවන දී පොලිස් වෙඩි

කටුවන, හොරේවෙල ප්‍රදේශයේ දී පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට වෙඩි තැබීමක් සිදුකර ඇත.

ගවයෙකු සොරකම් කිරීමක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව සිදු කළසෝදිසි මෙහෙයුමක දී මෙම වෙඩි තැබීම සිදු කර ඇත.

වෙඩි තැබීමෙන් අනතුරුව එහි සිටි එක් අයෙකු අත්අඅඩංගුවට ගෙන ඇත.තවත් පුද්ගලයින් දෙදෙනෙකු පළාගොස් ඇති බව පොලිසීය තවදුරටත් සදහන් කරනු ලබයි.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සොරකම් කරන ලද ගවයා මාතර ප්‍රදේශයට ප්‍රවාහනය කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු 44 හැවිදිරි මී ඇල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර පළා ගිය සැකකරුවන් සොයා කටුවන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

නව අදහස දක්වන්න