MCC - ශ්‍රී ලංකා ව්‍යාපෘතිය ගැන ඇත්ත-නැත්ත දැනගමු | දිනමිණ


 

MCC - ශ්‍රී ලංකා ව්‍යාපෘතිය ගැන ඇත්ත-නැත්ත දැනගමු

කොළඹ, ශ්‍රී ලංකාව — මේ දිනවල නිරන්තරයෙන් සංවාදයට ලක්වන MCC - ශ්‍රී ලංකා ව්‍යාපෘතිය පිළිබඳව ඉදිරිපත් වන විවිධ අදහස් වල සත්‍ය අසත්‍යතාව තහවුරු කිරීමේ අරමුණින් “MCC ගිවිසුම ගැන ඇත්ත නැත්ත” යන මැයෙන් වූ මහජන සංවාදයක් සැප්තැම්බර් 19වැනි දින Advocata Institute විසින් පවත්වන ලදී.

2015 සිට ශ්‍රී ලංකාව මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් (MCC.) ප්‍රදානය (grant) ලබාගැනීම සඳහා තරගකාරී තෝරා ගැනීමේ ක්‍රියාවලියක නිරත විය. 2019 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවට මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් (MCC) වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 480ක ප්‍රදානයක් ලබාදීමට කටයුතු කරන ලදී. එම ප්‍රධානය (ආධාර මුදල) ශ්‍රී ලංකාව වෙත අනුමත කල දින සිට කළ දින සිට, ගිවිසුම පිළිබඳ වැදගත් සහ තීරණාත්මක කරුණු ගණනාවක් සම්බන්ධව අවධානයට ලක් නොවීය. මෙම ගැටලුවලට පිළිතුරු ලබා ගැනීම සඳහා පොදු වේදිකාවක් සැපයීමට, Advocata Institute තීරණය කළ අතර ඒ අනුව අදාළ MCC ව්‍යාපෘතිය සැලසුම් කිරීමට සම්බන්ධ විශේෂඥයන්ගේ සහභාගීත්වයෙන් විවෘත සාකච්ඡාවක් සංවිධානය කරන ලදී. මොරටුව විශ්ව විද්‍යාලයේ ප්‍රවාහන හා සැපයුම් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී මහාචාර්ය අමල් කුමාරගේ, මාර්ග සංවර්ධන අධිකාරියේ මහාමාර්ග සැලසුම් පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය සමන් විදානපතිනගේ මහතා සහ හිටපු නියෝජ්‍ය මිනින්දෝරු ජෙනරාල් සරත් ජයතිලක මහතා, MCC ආයතනයේ නියෝජිතයින් ලෙස, ජෙනර් එන්ඩ්ල්මන් මහත්මිය (ශ්‍රී ලංකාවේ නේවාසික අධ්‍යක්ෂ - මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්) සහ රජය වෙනුවෙන්, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ආචාර්ය ජගත් මුනසිංහ යන මහත්ම මහත්මීන් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

මෙම ප්‍රදානය (ආධාර මුදල) යෙදවීමට අපේක්ෂා කරන ව්‍යාපෘති වල ඉඩම් හා ප්‍රවාහන කළමනාකරණය සම්බන්ධයෙන් වන තාක්ෂණික තොරතුරු විශේෂඥයන් විසින් ඉස්මතු කරන ලද අතර එකී අදහස් දැක්වීම් අවසානයේ MCC ආයතනයේ සහ රජයේ නියෝජිතයන් සමඟ ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක් ද පැවැත්විණි.

මෙහිදී අදහස් දක්වමින් මහාචාර්ය අමල් කුමාරගේ මහතා පැහැදිලි කළේ ප්‍රවාහන ව්‍යාපෘතිය සඳහා වෙන් කර ඇති අමෙරිකානු ඩොලර් මිලියන 350න් අමෙරිකානු ඩොලර් මිලියන 50ක් බස් සේවා නවීකරණය සඳහා වැය වන බවයි. ඔහු කියා සිටියේ 2030 වන විට අපේ මාර්ගවල වාහන සංඛ්‍යාව තුන් ගුණයකින් වැඩි වන අතර මෙය නිවැරදිව අවබෝධ කරගැනීම අපගේ ප්‍රවාහන පද්ධතිය සංවර්ධනයට ඉතා වැදගත් බවයි

ප්‍රවාහන ව්‍යාපෘතියේ උසස් ගමනාගමන කළමනාකරණ පද්ධති සම්බන්ධ ව්‍යාපෘතිය පිළිබඳ මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) අධිවේගී සැලසුම් පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය සමන් විදානපතිනගේ මහතා සාකච්ඡා කළේය. 2030 වන විට කොළඹ සාමාන්‍ය වේගය කිලෝමීටර 10 දක්වා අඩු වන්නේ කෙසේදැයි ඔහු පහදා දුන් අතර නගරයේ රථවාහන කළමනාකරණය වැඩිදියුණු කිරීමට ඇති හදිසි අවශ්‍යතාවය ඔහු පෙන්වා දෙන ලදී.

සාකච්ඡාව හා සම්බන්ධ වූ සරත් ජයතිලක මහතා (හිටපු නියෝජ්‍ය මිනින්දෝරු ජනරාල්) විසින් මුළු ප්‍රදානයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 67ක් වන ඉඩම් ව්‍යාපෘතිය පිළිබඳ විස්තර කරන ලද ලදී. රටේ සම්පූර්ණ ඉඩම් ප්‍රමාණයෙන් 82% ක් ශ්‍රී ලංකා රජයට ද ඉතිරි 18% ඉඩම් පෞද්ගලික අයිතිය ද ඇති හෙයින් ඉඩම් පරිපාලන ප්‍රතිපත්ති වැඩිදියුණු කිරීම සඳහා රාජ්‍ය ඉඩම් බැංකුවක් ස්ථාපනය කිරීමේ (State Land Bank) වැදගත්කම ඔහු අවධාරණය කළේය.

ප්‍රශ්නෝත්තර සාකච්ඡාවට එක් වූ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් (MCC) හි ශ්‍රී ලංකාවේ නේවාසික අධ්‍යක්ෂ ජෙනර් එන්ඩ්ල්මන් මහත්මිය ප්‍රදානය (ආධාර මුදල) පිළිබඳ යම් යම් ගැටළු වලට පිළිතුරු දුන්නාය. MCC ව්‍යාපෘති ප්‍රදානය (ආධාර මුදල) හා ඒ හා සම්බන්ධ ව්‍යාපෘති හමුදාමය ගිවිසුම් සමඟ සම්බන්ධ වී තිබේද යන ප්‍රශ්නයට පිළිතුරැ දෙමින් ඇය පවසා සිටියේ,MCC ආයතනයට ACSA හෝ SOFA වැනි හමුදාමය ගිවිසුම් සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් මෙම හමුදාමය ගිවිසුම් නැවත අලුත් කිරීමට පෙර MCC ප්‍රදානය (ආධාර මුදල) හා සම්බන්ධ ගිවිසුම අත්සන් කිරීමට සූදානම් බවත්ය. පැනනැඟුණු තවත් ප්‍රශ්නයක් නම්, මෙකී ප්‍රදානය හා සම්බන්ධ ගිවිසුම සැමටම කියවිය හැකිවන පරිදි පොදු අවකාශයෙහි නොතිබුණේ මන්ද යන්නයි. එයට පිළිතුරු දෙමින් ඇය ප්‍රකාශ කළේ ලබන MCC ව්‍යාපෘති ප්‍රදානය ලබන රජය විසින් අත්සන් කිරීමට පෙර ප්‍රදානයට අදාල ලේඛනය ප්‍රසිද්ධියට පත් නොකිරීම මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් හි ප්‍රතිපත්තියක් බවයි. කෙසේ වෙතත්, ගිවිසුම ජනතාවට විවෘත කිරීමේ හැකියාව රජය සතුව පවතින බැවින් මෙම ලේඛන හා ගිවිසුම් ලබාගැනීම සඳහා රජය සමඟ සාකච්ඡා කරන ලෙසත් ඇය මේ පිළිබඳව උනන්දුවක් දක්වන පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියාය.

“අපගේ වසර 15ක ඉතිහාසයයේ, සුදුසුකම් සහිත රටක් අප වෙත පැමිණ ප්‍රදානයක් යෝජනා කොට එකී ප්‍රදානය අපගේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කළ පසු එම පාර්ශ්වකාර රට විසින්ම එකී ප්‍රදානය (ආධාර මුදල) අනුමත නොකළ එකම අවස්ථාවක්වත් නැතැ” යි එන්ඩ්ල්මන් මහත්මිය ප්‍රේක්ෂකයන්ගේ ප්‍රශ්ණයකට පිළිතුරු සපයමින් පැවසුවාය.

Advocata Institute යනු ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටි ස්වාධීන ප්‍රතිපත්ති බුද්ධි මණ්ඩලයකි. ශ්‍රී ලංකාවේ නිදහස් සමාජය සමඟ අනුකූල වන පරිදි යහපත් ප්‍රතිපත්ති අදහස් ප්‍රවර්ධනය කිරීම සඳහා අපි විසින් පර්යේෂණ පැවැත්වීම, විවරණ සැපයීම හා වැඩසටහන් පැවැත්වීම සිදුකරනු ලබයි. වැඩිදුර තොරතුරු සඳහා advocata.org වෙත පිවිසෙන්න.

සන්නිවේදන කළමනාකරු 
අනුකි ප්‍රේමචන්ද්‍ර

නව අදහස දක්වන්න