ගෝඨාභය විදෙස්ගත වීමට අවසර ඉල්ලයි | දිනමිණ

ගෝඨාභය විදෙස්ගත වීමට අවසර ඉල්ලයි

සිංගප්පුරුවේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ලබන 9 වැනිදා සිට 12 වැනිදා දක්වා විදෙස්ගත වීමට අවසර දෙන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මෝසමක් ඉදිරිපත් කරමින් අද ඉල්ලා සිටියේ ය.

ඒ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණයෙන්.

ඔහු එම මෝසමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ, අධිකරණය මගින් පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙසයි.

එමෙන්ම ලබන 7 ජනාධිපතිවරණයේ නාම යෝජනා භාරදීමට ඇති බැවින් ශ්‍රී ලාංකික පුරවැසියෙකු බව සනාථ කිරීමට අවශ්‍ය ලියවිල්ලක් වන, දැනට අධිකරණය භාරයේ ඇති විදෙස් ගමන් බලපත්‍රය නිදහස් කරන ලෙස ඝෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ඝෝඨාභය රාජපක්ෂට එරෙහිව මෙම විදෙස් ගමන් තහනම පනවා ඇත්තේ, ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් තුන් කෝටී තිස් නව ලක්ෂයක රාජ්‍ය මුදල් අවභාවිත කර ඇතැයි කියන සිද්ධියේ නඩුවට අදාළවයි.

එම නඩුව සම්පත් විජේරත්න , සම්පත් අබේකෝන් හා චම්පා ජානකි රාජරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ අද දැක්වී ය.

 

නව අදහස දක්වන්න