පොපි මල් දිනය නිමිත්තෙන් පළමු පොපි මල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පැළඳවීම | දිනමිණ

පොපි මල් දිනය නිමිත්තෙන් පළමු පොපි මල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පැළඳවීම

පොපි මල් දිනය නිමිතිකොට ගනිමින් පළමු පොපි මල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පැළඳවීම ඊයේ (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය. ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරාල් උපුල් පෙරේරා මහතා විසින් ප්‍රථම පොපි මල ජනාධිපතිවරයා වෙත පළඳවනු ලැබූ අතර සන්නද්ධ හමුදා අනුස්මරණ දින, පොපි ව්‍යාපෘතිය හා යුද ස්මාරක සංවර්ධන කමිටුවේ සභාපති රියර් අද්මිරාල් ආචාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතා ඇතුථ ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ඡායාරූප : චන්දන පෙරේරා - ජනාධිපති මාධ්‍ය අංශය)

 

නව අදහස දක්වන්න