භික්ෂු සංවිධාන එකමුතු වෙයි - ‘‘විජයධරණී’’ | දිනමිණ

භික්ෂු සංවිධාන එකමුතු වෙයි - ‘‘විජයධරණී’’

රටට මේ මොහොතේ අවශ්‍යවන්නේ ශක්තිමත් ජාතික ප‍්‍රතිපත්තියක් බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි.

භික්ෂු සංවිධාන එකමුතුවෙන් ‘‘විජයධරණී’’ නමින් ජාතික සභාවක් පිහිටවීමේ අවස්ථාවට එක්වෙමින් උන්වහන්සේ මේ බව සදහන් කලේය.

රාවණා බලය සංවිධානයේ පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් ප‍්‍රකාශ කළේ රටට එක නීතියක අවශ්‍යතාව අත්‍යවශ්‍ය බවයි. 

මේ අතර ජාතීන්ගේ අනුපාතය අනුව කටයුතු කිරීම, ජාතික ආරක්ෂාව තහවුරු කිරීම, රටේ පුරාවස්තු ආරක්ෂා කිරීම, බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සහ ජාතික සම්පත් ආරක්ෂා කිරීම යන ඉල්ලීම් 05ට ගිවිසුම්ගත වන අපේක්ෂකයෙකුට පමණක් ඉදිරි ජනාධිපතිවරණයේදී තම සහය හිමිවන බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි.

 

නව අදහස දක්වන්න