ඩී.එස්.අයි.පාසල් වොලිබෝල් | දිනමිණ

ඩී.එස්.අයි.පාසල් වොලිබෝල්

රුවන්වැල්ල රාජසිංහ-සීදුව දවිසමර උහන තිස්සපුර-කිරිඳිවැල සංඝමිත්තා
15න් පහළ අවසන් තරගවලට

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පාසල් වොලිබෝල් සංගමය එක්ව ඩී.එස්.අයි. ආයතනයේ පූර්ණ අනුග්‍රහයෙන් සංවිධාන කරන ඩී.එස්.අයි. සුපර්ස්පෝර්ට්ස් පාසල් වොලිබෝල් තරගාවලියේ අවුරුදු 15න් පහළ තරග පසුගියදා නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

එම වයස් කාණ්ඩයේ බාලක අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය සහ සීදුව දවිසමර විද්‍යාලය සමත්වූ අතර අම්පාර උහන තිස්සපුර විද්‍යාලය සහ කිරිඳිවල සංඝමිත්ත බාලිකා විද්‍යාලය බාලිකා අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්හ.

බාලක අර්ධ අවසන් පූර්ව වටයේදී හලාවත සාන්ත සේවියර් විදුහල ලකුණු 26/24, 25/21 සහ 26/24 ලෙස පරාජය කිරීමට දවිසමර විදුහල සමත් වූ අතර රාජසිංහ විදුහල අවසන් තරගයට පිවිසියේ මාදම්පේ සේනානායක විදුහල පරාජය කරමිනි. එහි ලකුණු තත්ත්වය 25/15, 25/16 සහ 25/19 විය.

තෙවැනි ස්ථානය සඳහා සාන්ත සේවියර් සහ සේනානායක මධ්‍ය මහ විදුහල අතර තරගයෙන් ජය ගැනීමට සේවියර් ක්‍රීඩකයෝ (25/15, 25/16, 25/19) සමත් වූහ.

බාලිකා පළමු අවසන් පූර්ව තරගයේදී බෝපිටියට මහා විද්‍යාලය (25/23, 25/18, 25/20) පරාජය කරමින්ද, දෙවැනි තරගයේදී රදාවාන මහගමසේකර මධ්‍ය මහා විද්‍යාලය පරාජය කරමින් උහන තිස්සපුර විදුහලද (25/18, 25/17, 25/20) අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්හ.

බෝපිටිය මහ විද්‍යාලය සහ මහගමසේකර මධ්‍ය මහ විදුහල අතර තෙවැනි ස්ථානය සඳහා පැවැති තරගයෙන් බෝපිටිය විදුහලට (25/22, 21/25, 25/23) ජය හිමිවිය. මෙහි අවසන් තරග මේ මස 25-26 දෙදින මහරගම ජාතික තරුණ සේවා සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

 

නව අදහස දක්වන්න