ජනපති- එජාප නායකයන් සාකච්ඡා කළේ රටේ වත්මන් තත්ත්වය ගැනයි | දිනමිණ

ජනපති- එජාප නායකයන් සාකච්ඡා කළේ රටේ වත්මන් තත්ත්වය ගැනයි

මන්ත්‍රී වීරකුමාර දිසානායක

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ නායකයින් පෙරේදා( 01 )මුණගැසී සාකච්ඡා සිදුකළේ රටේ පවතින තත්ත්වය පිළිබඳබව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක , පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පැවසී ය. පසුගියදා පැවැති පක්ෂ නායක මුණගැසීමේදී ආරක්ෂාව සහ පවතින වැඩ වර්ජන , වත්මන් දේශපාලන තත්ත්වය ආදිය පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා සිදු කරමින් අවධානය යොමු කළ බවත් ඒමහතා අවධාරණය කෙළේ ය. ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රීලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී ඊයේ (02)පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීවේ ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රාජ්‍ය නායකයා වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකයින් මුණ ගැසුණා. මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් පක්ෂ නායකයින් මුණ ගැසීමට එතුමාට බාධාවක් නැහැ. මැතිවරණ කාලයේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අනිකුත් අපේක්ෂකයන්ට පවා ජනාධිපතිතුමා මුණ ගැසී සාකච්ඡා කිරීමට අවසර තිබෙනවා. එතුමා ආරක්ෂක අමාත්‍යවයරා විදිහටත් , රටේ ප්‍රධානියා විදිහටත් එතුමා මුණගැසීම පිළිබඳව කිසිදු බාධාවක් නැහැ.

චන්දිමා කරුණාරත්න

නව අදහස දක්වන්න