ඉදිරි දෙසතියේ ලංගමට අලුතින් බස් 300 ක් | දිනමිණ

ඉදිරි දෙසතියේ ලංගමට අලුතින් බස් 300 ක්

නිමල් රාජපක්ෂ

මින් ඉදිරියට කුමන වර්ජන ආවත් මගී ජනතාවගේ අවශ්‍යතාව මත ධාවනය කිරීම සඳහා ලංකා ගමනා ගමන මණ්ඩලයට අලුතින් ඉන්දියන් බස්රථ 300ක් ඉදිරි සතිදෙක අතුළත මිලදී ගන්නා බව ලංගම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සී.එච්.ආර්.ටී චන්ද්‍රසිරි මහතා පවසයි.

මේ සුපිරි බස්රථ මිලදී ගැනිම සදහා කැබිනට් අනුමැතිය මීට පෙර ලැබි තිබු නිසා ඒ සදහා මේ වනවිටත් මුදල් ගෙවා ඇතැයිද පවසයි. අලුතින් බස්රථ මිලදී ගෙන තිබුනේනම් මෙවැනි දුම්රිය වර්ජනයක් පැවැති අවස්ථාවල දී මගි ජනතාවට හොද ප්‍රවාහයන සේවාවක් සැපයිය හැකිවෙයි. ජනතාවට හොද සේවාවක් සමගින් ලංගමට හොද ආදායමක්ද උපයා ගතහැකි බවද චන්ද්‍රසිරි මහතා වැඩි දුරටත් පැවසුවේය.

නව අදහස දක්වන්න