OPPO A9 2020 OPPO A 5 2020 දුරකථන අලෙවිය ඇරැඹේ | දිනමිණ

OPPO A9 2020 OPPO A 5 2020 දුරකථන අලෙවිය ඇරැඹේ

OPPO Sri Lanka සමාගම සිය නවතම දුරකථන වන OPPO A 9 2020 සහ OPPO A 5 2020 දුරකථන මාදිලි මෙරට අලෙවි කිරීම පසුගිය දා නිල වශයෙන් ආරම්භ කළේය. ඒ සඳහා විශේෂ උත්සවයක් කොළඹ මැජෙස්ටික් සිටි සාප්පු සංකීර්ණයේ දී පැවැත්විණි. OPPO A9 2020 දැන් වෙළෙඳ පොළේ ඇති 8GB RAM සහ Quad-Camera set-up සමගින් එන වඩාත්ම සහනදායී මිලට ලබාගත හැකි දුරකථනය වන අතර OPPO A5 2020 දැන් වෙළෙඳ පොළේ ඇති Quad-Camera සහිත වඩාත්ම සහනදායී මිලට ලබාගත හැකි දුරකථනය ලෙස සැලකිය හැක.

මේ දුරකථන ප‍්‍රථමවරට මිලදී ගත් පාරිභෝගිකයන්ට, මෙරට ජනප‍්‍රිය තරු දෙකක් වන ලවාන් අභිෂේක් සහ සඳනි ප‍්‍රනාන්දු වෙතින් එම දුරකථන ලබාගැනීමට හැකි විය. මීට පෙර ලවාන් සහ සඳනි OPPO A9 2020 දුරකථන පෙළ මෙරටට හඳුන්වා දීමේ අවස්ථාවට ද එක්වූහ. පාරිභෝගිකයන්ට මේ තරු සමඟ සෙල්ෆි ඡායාරූප ලබාගැනීමට ද අවස්ථාව හිමි වූ අතර, ඔවුන්ගෙන් සමරු අත්සන ලබාගැනීමට ද හැකි විය. ඊට අමතරව දුරකථන මිලදීගත් සෑම පාරිභෝගිකයකුටම විශේෂ ත්‍යාග ද පිරිනමන ලදි.

 

නව අදහස දක්වන්න