කාර්මික ශිල්පී සම්මාන උළෙලේදී jaguar Land Rover ඉහළම සම්මානයෙන් පිදුම් ලබයි | දිනමිණ

කාර්මික ශිල්පී සම්මාන උළෙලේදී jaguar Land Rover ඉහළම සම්මානයෙන් පිදුම් ලබයි

Jaguar Land Rover Everyday Legend 2019 කාර්මික ශිල්පී සම්මාන උළෙලේදී SML Frontier Auto motive සමාගම ඉහළම සම්මානයෙන් පිදුම් ලබායි. Access Group සාමාජික සමාගමක් වන SML Fontier Automotive සමාගම ශ්‍රී ලංකාවේ Jaguar Land Rover සඳහා එකම නියෝජිත සමාගම ද වේ. සිංගප්පූරුවේ Jaguar Land Rover පුහුණු ඇකඩමි මධ්‍යස්ථානයේ පැවති සම්මාන උළෙලේදී, Jaguar Land Rover ආසියා පැසිෆික් කලාපයේ වෙළඳ ජාලය නියෝජනය කරමින් ඉදිරිපත් වූ රටවල් 17ක් අතරින් 2019 වසර සඳහා විශිෂ්ඨතම දක්ෂතා සහිත කාර්මික ශිල්පී කාණ්ඩයේ හොඳම තිදෙනා සඳහා වූ සම්මානය හිමිකර ගැනීමට SML Frontier සමාගම සමත් වී තිබේ.

2019 වසරේ හොඳම ආසියා පැසිෆික් කාර්මික ශිල්පී විශිෂ්ඨයන් තිදෙනා අතරට, ශ්‍රී ලංකාවේ කාවින්ද පෙරේරා සම්මාන ලැබීය. සමාගම විසින් ‘Everyday Legend’ බිහිකිරීම සඳහා ලබා දී ඇති පුහුණුව හා විශේෂඥතාවය අගයමින් SML Frontier සමාගම වෙත පිරිනැමුණු ප්‍රථම සම්මානය ලෙස සනිටුහන් කෙරිණ.

Jaguar Land Rover සම්මාන උළෙලේදී “විශිෂ්ඨයන් ගේත් විශිෂ්ඨයන්” සමඟ තරඟ කර ජයග්‍රාහී ලෙස ඉහළට පැමිණීමට අප ගේ ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවීම පිළිබඳ ඉතා ආඩම්බරවන බවත් ශ්‍රී ලංකාවට මෙතරම් ඉහළ ගෞරවයක් ගෙන දුන් කණ්ඩායමේ කැපවීම සහ අවංක භාවය ඉතා ඉහළින් සැමරිය යුතු බවත් මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් SML Fontier Automotive හි කළමනාකාර අධ්‍යක්ෂ තියෝ ප්‍රනාන්දු මහතා පැවසීය. තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, ඉහළම ප්‍රමිතීන් හා අනුකූලව යමින් පිරිස් පුහුණු කිරීම ඔවුන්ගේ උත්සාහයේ පදනම බවත් මෙම පිළිගැනීම Jaguar Land Rover වාහන හිමි ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් හට අලෙවියෙන් පසු ඉහළම ගුණාත්වයෙන් යුත් විශිෂ්ඨ සේවාවක් ලබා දීමට SML Frontier සමාගමෙහි අඛණ්ඩ කැපවීම මැනවින් පෙන්නුම් කරන බවත් වැඩිදුරටත් පවසා සිටියේය.

නව අදහස දක්වන්න