ගෝඨාගේ ලිපි ගොනුව අතුරුදන්වීම ගැන දිවුරුම් ප්‍රකාශයක් ඉල්ලයි | දිනමිණ

ගෝඨාගේ ලිපි ගොනුව අතුරුදන්වීම ගැන දිවුරුම් ප්‍රකාශයක් ඉල්ලයි

නෙල්කා මැදගෙදර

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසි සහතිකය ලබා ගැනීමට අදාළ කිසිඳු ලිපි ගොනුවක් ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු නොවීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් සියලු තොරතුරු ඇතුළත් දිවුරුම් ප්‍රකාශයක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතාට අභියාචනාධිකරණය ඊයේ (03) නියෝග කෙළේය.

අදාළ කරුණ සම්බන්ධයෙන් පවත්වන ඕනෑම විමර්ශනයකදී සාක්කියක් ලෙස භාවිතා කළ හැකි වන පරිදි එම දිවුරුම් ප්‍රකාශය ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියම කෙළේය.

ආගමන විගමන දෙපාර්තමේන්තුව සතුවූ අදාළ කරුණු සම්බන්ධයෙන් කිසිඳු ලිපි ගොනුවක් නොමැති බවට එම දෙපාර්තමේන්තු පාලකවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මීට පෙර අධිකරණයට දන්වා සිටියේය.

එම කරුණු සලකා බැලු අභියාචනාධිකරණය මෙම නියෝගය කෙළේය.

නව අදහස දක්වන්න