පාකින්සන් රළ මත ලිස්සා ජය ගනී | දිනමිණ

පාකින්සන් රළ මත ලිස්සා ජය ගනී

ශ්‍රී ලංකා ස්පෝට්රයිසන් ආයතනය සහ ශ්‍රී ලංකා රළ මත ලිස්සා යාමේ ක්‍රීඩා සම්මේලනය එක්ව ආරුගම්බේ මුහුදු තීරයේදී පැවැත්වූ ලෝක රළ මත ලිස්සා යාමේ ශූරතාවලියේ ශ්‍රී ලංකා අදියර ජය ගැනීමට ඔස්ට්‍රේලියාවේ මිචෙල් පාකින්සන් සමත් විය.

රටවල් 26කින් තරගකරුවන් 124 ක් එක්වූ මේ තරගාවලියේ අනුශූරතාව ඉන්දුනීසියාවේ ඔන්රි අන්වර්ට හිමිවිය.

මේ තරගාවලියට ශ්‍රී ලංකවෙන් ක්‍රීඩකයන් 16 දෙනකු එක්වූහ. එහිදී ලක්ෂිත මධුශාන්, සිරිල් ප්‍රනීත් සහ ප්‍රනීත් සඳරුවන් තෙවැනි වටය තෙක් ඉදිරියට ගියහ. එහිදි රළ මත ලිස්සා යාමේ ශ්‍රී ලාංකික ශූරයා ලෙස වැලිගම සර්ෆ් සමාජයේ ලක්ෂිත මධුශාන් නම් කෙරිණි.

තරගාවලියේ ජය සංකේත ප්‍රදානය සංචාරක ඇමැති ජෝන් අමරතුංග ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් ඇමැති දයා ගමගේ මහත්වරු අතින් සිදු කෙරිණි.

ඡායාරූප - සුලෝචන ගමගේ

නව අදහස දක්වන්න