ගෝඨාභයගේ නියත ජය දැනගෙන එය වළක්වන්න කැසකවනවා | දිනමිණ

ගෝඨාභයගේ නියත ජය දැනගෙන එය වළක්වන්න කැසකවනවා

අනුර ප්‍රේමලාල්

ගෝඨභය රාජපක්ෂ මහතාට මැතිවරණයට ඉදිරිපත් වෙන්න ඉඩනොදෙන්න මෙතරම්ම පොරකන්නේ එතුමා නියත වශයෙන්ම ජය ගන්න බව දන්න නිසා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ (3) බත්තරමුල්ල නෙලුම් මාවතේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවේ දීය.

ඒ මහතා මෙස්ද කීය අද අපේ රටේ සියලූ දෙනා දෑස් දල්වගෙන සිටිනවා අධිකරණ තීන්දුව දෙස. එජාපයත් සජිත් පිලත් එකතු වෙලා ගෝඨාභය රාජපක්ෂ මහතාට මැතිවරණයට ඉදරිපත් වෙන්න බැරි වෙන ආකාරයට අධිකරණයට ගිහින් තිබෙනවා. හැබැයි නීතිපති සහ සොලිසිටර් ජනරල්වරයාත් කියනවා නීත්‍යානුකූලව එම ලියකියවිලි තිබෙන බවට. අපිට මේ තත්ත්වය පෙරසිටම දැකගන්න පුළුවන් වුණා.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සාධාරණ ලෙස පවත්වනන් හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඇල්පිටිය මැතිවරණයේ දී බරපතළ විදිහට මැතිවරණ නීති උල්ලංඝනය කෙරෙනවා. මේක සජිත් පේ‍්‍රමදාසගේ මානසිකත්වය පෙන්නුම් කිරීමක්. සජිත් කියනවා ඔහු පඩියක් ගන්නේ නැහැ, යාන වාහන පාවිච්චි කරන්නේ නහැ කියා. ඔහු කියනවා ජනාධිපති නිල නිවස තාක්ෂණික විශ්වවිද්‍යාලයක් කරනවා කියලා. ඔහුට ඒ ගැන හොඳ අවබෝධයක් තිබෙනවාද.

අගමැතිවරයාගේ සහෝදරයාගේ නාලිකාවේ ගෝඨාභය රාජපක්ෂ මහතාට නඩු පැවරීම සම්බන්ධයෙන් විකාශනය වූ පුවතකට අනුව අපට තවමත් පෙනෙන්නට තිබෙන්නේ එජාපයේ තිබෙන අර්බුදය විසඳී නැති බවයි. අපි විශේෂයෙන් ම මේ රටේ ජනතාවට කියන්නේ සජිත් ඉදිරිපත් කරන යෝජනා සියල්ල මහා පොළොවේ යථාර්ථයක් කිරීමට නොහැකයි බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා-

ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිම අවස්ථාවක කිසිම කෙනෙකුට මඩ ගහලා නැහැ. 77න් පසුව කිසිම කෙනකු නොකරපු වැඩපිළිවෙළක් ගෝඨාභය රාජපක්ෂ ක්‍රියාත්මක කරන බව අද තරුණ පිරිස් වටහාගෙන ඉන්නවා. සජිත් කියන්නේ සීනිබෝල කතා. කිසිම වැඩිපිළිවෙලක් ඔහුට ඉදිරිපත් කරගන්න බැරිවෙලා තිබෙනවා. ඔහු කියන විදිහට සීනිබොල කතාවලින් රටේ දුප්පත්කමනැති වෙනවාද. සජිත්ට තියෙන්නේ දුප්පත් මානසිකත්වයක්. මේ රට හිඟන රටක් ලෙසයි ඔහු දකින්නේ. නිල නිවාස ගන්නේ නැහැ. පඩිය ගන්නේ නැහැ කියා සජිත් කිව්වට ඒව විශ්වාස කරන්න පුළුවන්ද.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා- ගෝඨාභයගේ ජයග්‍රහණය ඉවස ගන්න බැරිව විදේශීය තැරැව්කරුවන් එක්ක එකතු වී එජාපය විවිධ කුමන්ත්‍රණ දියත් කරනවා. රාජ්‍ය දේපළ අවභාවිතා කරන විට අපේ කාලයේ ඔළුවටම වෙඩිතියන්න හදපු මැකෝ අද එජාපය රාජ්‍ය දේපළ අවභාවිතා කරන විට කිසිවක් ප්‍රකාශ කරන්නේ නැහැ. මැතිවරණ නීති උල්ලංඝණයකරන විට මකෝට වැඩිපුර නින්ද යනවාද දන්නේ නැහැ.

නව අදහස දක්වන්න