ත්‍රස්ත ප්‍රහාර විමර්ශනයට පංච පුද්ගල කමිටුව නම් කෙරේ | දිනමිණ

ත්‍රස්ත ප්‍රහාර විමර්ශනයට පංච පුද්ගල කමිටුව නම් කෙරේ

2019 අප්‍රේල් මස 21වැනි දින සිදු වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කොට වාර්තා කිරීම හා අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පංච පුද්ගල කමිටුවක් පත් කර ඇත. අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් මේ කමිටුවෙහි සාමාජිකයන් ලෙස අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජකරුණා, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල කුමාර අතපත්තු යන මහත්වරු සහ විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්. එම්. එම්. ආර්. අධිකාරි මහත්මිය පත් කර තිබේ.

මේ කමිටුව සඳහා මහජන පැමිණිලි භාර ගැනීම මේ මස 14 වැනි දින දක්වා සිදු කෙරෙන බව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ ලේකම් එච්. එම්. බී. පී. හේරත් මහතා දන්වා සිටී. එම පැමිණිලි පහත සඳහන් පරිදි යොමු කළ හැක.

ලිපිනය - 1වැනි මහල, බ්ලොක් අංක 05, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, බෞද්ධාලෝක මාවත කොළඹ 07. දු. ක. අංකය - 011-2669135 ෆැක්ස් - 0112-677673

නව අදහස දක්වන්න