සති­පොළ අසල මාර්ග­යට කුණු බැහැර කිරීම නවතා දෙන­වාද? | දිනමිණ

සති­පොළ අසල මාර්ග­යට කුණු බැහැර කිරීම නවතා දෙන­වාද?

 යටියන්තොට නගරයේ ජනතාව ගැවසෙන ස්ථාන අසලට ඇතමෙක් කුණු බැහැර කිරීම පුරුද්දක් කරගෙන ඇති නිසා සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණ දීමට ඔවුන්ට සිදුව ඇතැයි නගර වැසියෝ පවසති.

නගර මධ්‍යයේ ඇති සතිපොල භූමිය ඉදිරිපිට මාර්ගය එවන් ස්ථානයකි.

රාත්‍රී කාලයේ හා අලුයම් කාලයේ වාහන වලින් පැමිණ කුණු පාර්සල් දමා යෑම නිසා අලුයම වන විට විශාල කුණු ගොඩක් එකතුවන අයුරු දැකගත හැකිය. ගවයන් , බල්ලන් හා කපුටන් වැනි සතුන් මේ කුණු ගොඩවල් හැටන් කොළඹ මාර්ගයට ඇද දමන නිසා උදෑසන පාසල් දරුවන් හා ඒ අසලින් ගමන් කරන්නන්ට අප්‍රසන්න දුඟඳක් විඳීමට සිදුවන බවද ඔවුහු පවසති.

සටහන හා ඡායාරූපය - යටියන්තොට විශේෂ - සමන් එස්.රත්නායක.

නව අදහස දක්වන්න