2019 ජනාධිපතිවරණයට 41 ඇප බඳිති නාමයෝජනා අද භාරගැනේ | දිනමිණ

2019 ජනාධිපතිවරණයට 41 ඇප බඳිති නාමයෝජනා අද භාරගැනේ

නාමයෝජනා බාරගන්නා අද (07) දිනයේ ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට අපේක්ෂකයින් 41 ‍දෙනෙක් මැතිවරණ

මහලේකම් කාර්යාලයට ඇප මුදල් තැන්පත් කර තිබිණි. අද පෙරවරු 9.00 සිට 11.00 දක්වා පැය දෙකක කාලයක් නාමයෝජනා බාරදීම සඳහා වේලාව වෙන්කර තිබෙන බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.

විරෝධතා දැක්වීම සඳහා අවස්ථාව ලැබෙන්නේ ඉන් අනතුරුවය. මෙරට විධායක ජනාධිපතිවරණ

ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයින්

පිරිසක් වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇත්තේ මෙවරය. ඊයේ (06) දහවල් 12.00 වනවිට ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයින් 41 ක් අතර පිළිගත් දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් 19 ක් ද ස්වාධීන අපේක්ෂකයින් 19 දෙනෙක්ද ලියාපදිංචි නොකළ පක්ෂවල අපේක්ෂකයින් තිදෙනෙක්ද සිටින බව මැතිවරණ කොමිසම සඳහන් කළේය. ඊයේ (06) දිනයේදී පමණක් අපේක්ෂකයින් 08 දෙනෙක් ඇප මුදල් තැන්පත් කර තිබුණි.

ඇප මුදල් තැන්පත් කිරීමේ කාලය ඊයේ (06) දහවල් 12.00 න් අවසන් විය. අපේක්ෂකයින් හා අපේක්ෂකයින්ගේ නියෝජිතයින්ගේ රැස්වීමක්ද මැතිවරණ මහලේකම් කාර්යාලය තුළ ඊයේ (06) පැවැත්විණි.

ගයාන් කුමාර වීරසිංහ

නව අදහස දක්වන්න