ජනපතිවරණය නිරීක්ෂණයට කැෆේ සංවිධානයෙන් 7500ක් | දිනමිණ

ජනපතිවරණය නිරීක්ෂණයට කැෆේ සංවිධානයෙන් 7500ක්

මෙවර ජනාධිපතිවරණය නිරීක්ෂණයට කැෆේ සංවිධානය 7500ක නිරීක්ෂකයින් පිරිසක් යෙදවේ.
 
වැඩිම අපේක්ෂක පිරිසක් ජනාධිපතිවරණයට‌ ඉදිරිපත්ව ඇති බැවින් තත්වයන් නිරීක්ෂණය කිරීමට මෙම පිරිස යොදවන බව කැෆේ සංවිධානය පවසයි.
 
සෑම මැතිවරණයකම නාම යෝජනා භාරදීමෙන්  පසු ප්‍රචණ්ඩ ක්‍රියා සහ මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීම් වාර්වතා වන බව කැෆේ සංවිධානයේ වැඩබලන විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මහතා පෙන්වා දේ. මෙවර ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් ආධාරකරුවන් නිසි පරිදි මෙහෙයවා ගැනීමට කටයුතු කළ යුතු බව ඔහු පවසයි.
 
වත්මන් ජනාධිපතිවරයා, අගමැතිවරයා, සහ විපක්ෂ නායක ජනාධිපතිවරණයට තරඟ නොකිරීම මෙවර දක්නට ලැබෙන විශේෂත්වයක් බවත්, රාජ්‍ය දේපළ අවභාවිතය ආදී සිදුවීම් වැඩි වශයෙන් අපේක්ෂා කළ හැකි බවත් අහමඩ් මනාස්  කියා සිටි.
 
මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීම් පිළිබඳව දැඩි අවධානය යොමු කරන අතරතුර ඡන්දදායකයින්ට අල්ලස් ලබාදීම පිළිබඳව ද විශේෂ අවධානයක් යොමුකරන බව අහමඩ් මනාස් මකීන් මහතා පෙන්වා දුනී. 
 
මෙම ජනාධිපති මැතිවරණ නිරීක්ෂණ කටයුතු සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි සිදු කිරිමට සැලසුම් කර තිබේ. 
 

නව අදහස දක්වන්න