ශ්‍රීල­න්කන් ඉංජී­නේරු අංශය එයාර් සීෂෙල්ස් පිළි­ග­නියි | දිනමිණ

ශ්‍රීල­න්කන් ඉංජී­නේරු අංශය එයාර් සීෂෙල්ස් පිළි­ග­නියි

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශය නඩත්තු සේවා, අලුත්වැඩියා සහ පිරිපහදු සේවා (Maintenance, Repair and Overhaul –MRO) සැපයීමේ ප්‍රමුඛයා ලෙස සිය නවතම පාරිභෝගිකයා වන එයාර් සීෂෙල්ස් ගුවන් සේවයේ එයාර්බස් A320/ A321 ගුවන් යානාවන් හි එයාර්බස් A320 ගුවන් යානාවලට විශේෂිත වූ ‘A-check’ පරීක්ෂාව ඉතා සාර්ථකව කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අංගණයේ දී සම්පූර්ණ කරන ලදි.

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශය (MRO) දකුණු ආසියාවේ නැඟී එන MRO පහසුකම් සහපයන ස්ථානය ලෙස ස්ථානගත වී ඇති අතර, ඉහළම පිළි ගැනීමට ලක්වූ ගෝලීය ප්‍රමිති සහතික කිහිපයක් ලබා ගෙන තිබේ. එසේම ගුවන් සමාගමේ නඩත්තු හා ඉංජිනේරු අංශය EASA සහතිකලත් නඩත්තුව, මූලික නඩත්තුව සහ ඉංජිනේරු වැඩපළ සඳහා ද EASA සහතිකය හිමි කරගෙන තිබේ. ඒ අනුව බණ්ඩාරනායක ගුවන් තොටුපළේ සහ මාලදිවයිනේ ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ක්‍රියාත්මක වන ගුවන් යානා සහතික කිරීම සඳහා බලය පැවරී තිබේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක මහතා සඳහන් කළේ ශ්‍රීලන්කන් ගුවන් සමාගම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ MRO පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා සැලකිය යුතු ආයෝජනයක් කර ඇති බවයි.

නව අදහස දක්වන්න