දැනගෙන හැදෙන්න | දිනමිණ

දැනගෙන හැදෙන්න

සමාජයෙන් හිමි විය යුතු ආදරය සෑම පුද්ගලයකුටම නොලැබේ. එවන් ආදරයක් සමාජයෙන් ලැබීමට මඟ කියන කාරණා කිහිපයක් පිළිබඳව " marc & angle " Hack Life වේබ් අඩවියෙහි මෙලෙස දක්වා තිබුණි‍.

කැමති සහ අකමැති පුද්ගලයන් සමඟ එක්ව කටයුතු කිරීමේ හැකියාව වැදගත් ය. අකමැති පුද්ගලයන්ගේ දෑ විවේචනය කිරීම නොවටිනේ ය. මිනිස් සිත ඉක්මනින් වෙනස්වන නිසා දෙපාර්ශ්වයම සමබරව ඇසුරු කිරීම ආදරණීය පුද්ගලයකු වීමට මඟ පාදන්නකි.

තමන්ගේ ගුණ වර්ණනාවන් තමන් නොකළ යුත්තකි. ඔබ පිළිබඳව අන් අයට අවබෝධය ලැබෙන්නේ ඔබ පිළිවෙළට සහ කලට වේලාවට නිරවුල්ව තම කාර්යයභාර්ය කිරීමෙනි. එවිට මිනිසුන් විසින්ම ඔබ ගැන නිවැරදි අවබෝධයක් ලබා ගන්නා අතර ඔබ වර්ණනා කිරීමට ද පෙළඹෙනු ඇත.

තමන් පිළිබඳ අවතක්සේරු කිරීම නුසුදුසු ය. තවත් කෙනකුට කරන්න බැරි දෙයක් තමන්ට කළ හැකි යැයි යන හැඟීම සිතේ සිතෙහි ධාරණය කර ගත යුතු ය. අනෙක් පුද්ගලයින්ට පෙර සෑම පුද්ගලයෙක්ම තමන්ට ආදරය කළ යුතු වේ. බොහෝ අය අයහපත් පුද්ගලයින් සමඟ සමීප සම්බන්ධතා පවත්වා නිකරුණේ ජීවිත විනාශ කර ගනිති. ප්‍රථමයෙන් පුද්ගලයන් හඳුනාගෙන ඇසුරු කළ යුතු ය. එලෙස ඇති කර ගන්නා සම්බන්ධතා දීර්ඝ කාලයක් පවත්වා ගෙන යාමට හැකිය.

පුද්ගලයන් අතින් වැරදි සිදු වේ. එවැන්නන්ට වැරැද්ද අවබෝධ කර දී නැවත එය නැවත සිදු නොවීමට උපදෙස් දිය යුතු ය. ඉන් යහපත් පුද්ගලයින් බිහි වේ. අන් අයට සමාව දෙන පුද්ගලයා සමාජයෙන් ආදරය හිමි කර ගනී. යම් කාර්යයක් කිරීමේදී " නැහැ, බැහැ " යන චවන භාවිතා නොකර, " ඔව්, පුළුවන් " යන වචන භාවිතා කිරීමට හුරු විය යුතු ය. කම්මැළිකමෙන් තොරව තවත් කෙනෙකුට ආදර්ශයක් වන ලෙස කටයුතු කරන අතරෙ තමන්ගේ ආකල්ප සාධනීයව පවත්වාගෙන යාම ද වැදගත් ය.

සත්‍ය වශයෙන්ම ඔබට ඇල්මක් දක්වන අය ඔබ සාර්ථක පුද්ගලයකු බවට පත් වනවාට කැමති පුද්ගලයින් ය. ඔවුන් ඔබගේ අඩු පාඩුකම් ප්‍රකාශ කරන්නේ ඔබගේම යහපතට ය.

ජීවිත කාලය තුළදී තමන් කැමති දෙයක් ඉටු කර ගැනීමට අවශ්‍ය දේ පිළිබඳ කුඩා කාලයේ සිටම ඉලක්කයක් තබා ගත යුතු ය. ඉලක්කයක් ඇතිව ඉදිරියට යන පුද්ගලයන්ට සමාජයේ ආදරය පමණක් නොව ගෞරවය ද හිමි වේ. සෑම පුද්ගලයකු තුළම කුමන හෝ සුන්දරත්වයක් ඇත. තමාගේ සුන්දරත්වය අන් පුද්ගලයින්ගේ සුන්දරත්වය හා සන්සන්දනය නොකළ යුතු ය. තමන්ට ස්වභාවයෙන් උරුමව ඇති සුන්දරත්වය වර්ධනය කිරීමටත් අන් අයගේ සුන්දරත්වයට ඊර්ෂ්‍යා කිරීමටත් නොකළ යුතුය. පුද්ගලයකුගේ ජීවිතයේ සාර්ථකත්වයට මුල් කාලයේදී අතහිත දුන් පුද්ගලයන් මතක තබාගත යුතු ය. ඔවුන් කුමන මට්ටමක සිටිය ද උපකාර කළ යුතු ය. එවැනි පුද්ගලයන්ට සමාජයේ ගෞරවය සහ කීර්තිය නිතැතින්ම හිමි වේ.

 

“marc & angle “ Hack Life

සටහන - මදාරා මුදලිගේ

නව අදහස දක්වන්න