මුන්දලමේ මවක් උපන් හැටියේම බිලිඳා ළිඳට දමලා | දිනමිණ

මුන්දලමේ මවක් උපන් හැටියේම බිලිඳා ළිඳට දමලා

මෙලොව එළිය දුටු විගස සිය දරුවා මව විසින් ළිඳට දැමීමේ පුවතක් මුන්දලම පොලිස් වසමට අයත් ගල්කුලිය මොහොරිය ජනපදයෙන් වර්තා වේ . පොලිස් හදිසි ඇමතුම් අංශය හරහා මුන්දලම පොලිසියට ලැබුණු පණිවිඩයක් මගින් මේ සිදුවීම පිළිබද තොරතුරු ලැබී ඇති අතර ඒ අනුව සිදු කළ පරීක්ෂණවලදී මේ සිදුවීමට සම්බන්ධ මව ජිවත් වන නිවෙසට යාබද වත්තක පාළු ළිදක තිබී කුඩා බිළිදු මළසිරුර සොයා ගෙන ඇත . තිස් දෙහැවිරිදි මේ මව මේ අපරාධය කර ඇත්තේ පසුගිය 06 වැනි දිනයි . එදින නිවසේ සිට ඇත්තේ මේ මව පමණක් වන අතර එදින ඇය දරු ප්‍රසුතිය සිදු කර ඇත . ඉන් අනතරුව දරුවා ළිඳට දමා ඇති අතර පසුව නිවසට වී කාලය ගත කර ඇත . මේ සිදුවීමට අදාළ කාන්තාව සැමියාගෙන් දික්කසාද වී ඇත්තේ වසර කීපයකට පෙර වන අතර ඉන් පසු නිත්‍යානුකුල විවාහයක් කර ගෙන නොමැත. පෙර නිත්‍යානුකුල විවාහයෙන් ඇයට දරුවෙකු සිටි . මේ දරුවා ජිවත් කරවීමට අවශ්‍ය

බව පවසමින් ඇය කටුනායක ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවය කර ඇත . ඒ අතරතුර මේ ගැබ් ගැනීම සිදුවන්නට ඇති බව ඇගේ පියා පවසයි . මේ කාන්තාව නැවත සිය ගමට පැමිණ ඇත්තේ මේ වසරේ ජනවාරි මාසයේදීයි . එදින සිට ඇය ප්‍රදේශයේ කර්මාන්ත ශාලා දෙකක සේවය කර ඇත .

ඇය පවුලේ සමාජිකයන්ගෙන් මෙය සඟවා සිට ගෙන සිට ඇත්තේ බඩේ තෙල් ගෙඩියක් ඇති බව කියමිනි . සැකකාර මව මේ වන විට මුන්දලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර , දරුවාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබිණි .

ප්‍රසාද් පුර්ණමාල් පුත්තලම දිසා සමුහ

නව අදහස දක්වන්න