උඩරට දුම්රිය දින 13කට පසු ගමන් අරඹයි | දිනමිණ

උඩරට දුම්රිය දින 13කට පසු ගමන් අරඹයි

මහනුවර සිට බදුල්ල දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දින දහතුනකට පසු ඊයේ (08) පෙරවරුවේ ප්‍රථම දුම්රිය ධාවනය කෙරිණි.

දුම්රිය සේවකයින්ගේ වෘත්තීය ක්‍රියා මාර්ගය හේතුවෙන් ඉකුත් 25 දා මධ්‍යම රාත්‍රියේ සිට ඊයේ (08) දක්වා කිසිදු දුම්රියක් ධාවනය නොවුණ අතර එම කාලයේ උඩර මැණිකේ දුම්රියේ මැදිරි කට්ටලය හැටන් දුම්රිය ස්ථානයේත්, බලවේග කට්ටලය නාවලපිටිය දුම්රිය ස්ථානයෙත්, ගාල් කර තිබිණි. ඒ අනුව ඊයේ අලුයම 3.30ට මහනුවර දුම්රිය ස්ථානයෙන් මගී හා භාන්ඩ ප්‍රවාහන දුම්රියක් ලෙස බදුල්ල බලා ධාවනය ඇරඹු දුම්රිය පෙරවරු 8.12ට පමණ හැටන් දුම්රිය ස්ථානයට ලඟා විය.

දින ගණනාවක් දුම්රිය ස්ථානවල ප්‍රවාහනය සඳහා රැස් වූ අත්‍යවශ්‍ය භාණ්ඩ පටවා ගනිමින් එම දුම්රය ධාවනය කෙරිණි.

හැටන් සමුහ චන්දන ජයවීර

නව අදහස දක්වන්න